අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් තවත් පුද්ගලයින් 08 දෙනෙකු පිටව යයි.

    ජූනි 01, 2020

    බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 08 දෙනෙකු (2020 මැයි 31) එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව යන ලදි.

    සාර්ථකව නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ මෙම පුද්ගලයින් 08 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම රජයේ සෞඛ්‍ය උපදෙස් වලට අනුව නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පිටත් කර යැවීමටත් ඔවුන් වෙත නිරෝධායනය සාර්ථකව අවසන් කළ බවට ලබා ‍‍දෙනු ලබන සහතිකපත් ලබා දීමටත් නාවික හමුදාව කටයුතු කරන ලදි.

    ඒ අනුව, මේ වන විට පුද්ගලයින් 204ක් නිරෝධායනය අවසන් කර බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත්ව ගොස් ඇති අතර, තවදුරටත් එම මධ්‍යස්ථානයෙහි පුද්ගලයින් 101 ක පිරිසක් නිරෝධායනය වෙමින් සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya