අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලාංකිකයින් 522 ක් විදේශයන් හි සිට මෙරටට පැමිණියේ වෛරසය ආසාදිතවයි

    ජූනි 01, 2020

    ශ්‍රී ලාංකිකයින් 522 ක් විදේශයන් හී සිට වෛරසය ආසාදිතව මෙරටට පැමිණ තිබෙන බව සුව ඇමැතිනිය පවසයි.

     

    සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී (31) දින මෙම අදහස් දක්වන ලදි.

    වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යතුමිය “අද මැයි මස 31 වනිදා. COVID-19 ආසාදිත රෝගීන් ප්‍රජාව තුලින් වාර්තා නොවීම පිළිබද රටක් විදිහට ඔබ අපට සතුටු විය හැකි කරුණක්. මේ අයුරින් මෙම වසංගතයෙන් රට බේරා ගැනීමට අතිගරු ජනාධිපතිතුමා අගමැතිතුමා ලබාදුන් දායකත්වය, සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව, පොලීසිය සිදු කළ අප්‍රතිහත කැපකිරීම මේ අවස්ථාවේ සදහන් කළ යුතුයි. ජ්‍රජාව වශයෙන් ඔබ විසින් සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් පිළිපැදීම ද මේ තත්ත්වය උදාවීමට හේතු සාධක වුනා. රට තුල කිසිදු ගමකින් නගරයකින් කිසිදු වෛරසය ආසාදිතයෙකු වාර්තා නොවන තත්ත්වයට අපට මේ රට ගෙන ඒමට හැකිව තිබෙනවා. මාධ්‍ය අංශ විසින් සිදු කළ සුවිසල් මෙහෙය ද මේ අවස්ථාවේ අපි විශේෂ ඇගයීමකට ලක් කරනවා.”

    “අපට අද තිබෙන ප්‍රශ්ණය තමයි රෝගීන් විදිහට ශ්‍රී ලාංකිකයින් ලංකාවට පැමිණෙනවා. පැමිණෙන්නේ රෝගය හදාගෙන. මේ වන විට 522 ක් විදේශ රටවල දී රොගීන් වී ලංකාවට පැමිණ තිබෙනවා. කුවේට් රාජ්‍යයේ සිට පැමිණි 466 දෙනාගෙන් 330 ක්ම රෝගීන් ලෙසයි ලංකාවට පැමිණ තිබෙන්නේ. කටාර් රාජ්‍යයේ සිට පැමිණි 270 දෙනාගෙන් 150 ක් රෝගීන් විදිහට පැමිණි බවට මේ වන විට වාර්තා වී තිබෙනවා. කුවේට් රාජ්‍යයේ සිට පැමිණි 466 දෙනාම මේ වනවිට පළමු වටයේ PCR පරික්ෂණ වලට ලක් කර තිබෙනවා. ඔවුන් නැවත දින 10 කට පසු PCR පරික්ෂණ වලට ලක් කරනවා. ඒ අයගේ ශරීරය තුල රෝගය වර්ධනය වී නොමැති නම් ඒ පිරිසෙන් යම් පිරිසක් පසුව රෝගීන් විදිහට වාර්තා වීමට ඉඩ තිබෙනවා. ඒ වගේම කටාර් රාජ්‍යයේ සිටි පැමිණි 270 දෙනාගෙම PCR පරික්ෂණ සිදු කොට තිබෙනවා. 150 ක් මේ වන විට වාර්තා වුවත් අද දිනය ඇතුලත සියළු දෙනාගේම PCR පරික්ෂණ වාර්තා ලැබීමට නියමිතයි.”

    “මේ වන වට අප රටේ රෝගීන් 801 ක් සම්පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. කුමන ආකාරයකින් හෝ ප්‍රජාව තුලට මෙම රෝගය පැතිරීම වැළැක්වීමට ගත හැකි සියළු ක්‍රියාමාර්ග ගන්නවා. ලංකා ඉතිහාසයේ වැඩිම මුදලක් අඩුම කාල සීමාවක් තුල ලබාදුන් කාලය ලෙස පසුගිය කාලපරිච්ඡේදය හැදින්විය හැකියි.”

    “COVID-19 නිසා පීඩාවට පත් වැඩිහිටි, ආබාධිත හා වකුගඩු දීමනා 794,421 කටත්, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා පවුල් 5,071,892 (පනස් ලක්ෂ හැත්තෑඑක්දහස් අටසිය අනූදෙකකටත්) වශයෙන් මේ සියල්ලේම එකතුව අප්‍රේල් මස රජය විසින් ලබාදුන් මුදල රුපියල් මිලියන 29,000 පමණ වෙනවා. මේ වනවිටත් මේ මුදල් බෙදා දෙමින් පවතිනවා.”

    “ඇගලුම් කර්මාන්තවල සේවකයින්ට වැටුප් ලැබුනා ද නැද්ද යන්න නොසලකා ඇගලුම් ක්ෂේත්‍රෙයේ නියලී සියලු දෙනාටම රුපියල් 5000 දීමනාව ලබාදුන්නා. මෙතෙක් ඉතිහාසයේ එක පවුලකට එක ආධාරයක් පමණයි ලබාදුන්නේ. නමුත් රුපියල් 5000 සහනාධාරය ලබාදීමේ දී එක පවුලක අනු පවුල් ගණනාවක් සීටි නම් ඒ අයටත් රුපියල් 5000 ලබාදීමට රජය කටයුතු කළා.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya