මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිස්ත්‍රික්කය යහපත් තත්වයකට ගෙන ඒමට සහය දැක්වු සැමට තුති පුදයි

    මැයි 31, 2020

    රත්නපුර දිස්ත්‍රික්කය කොරෝනා වෛරසය පාලනය අතින් යහපත් තත්වයකට ගෙන ඒමට සහය දැක්වු සෞඛ්‍ය අංශ,ආරක්ෂක අංශ,අනෙකුත් රජයේ නිලධාරීන් මෙන්ම පොදුවේ මහජනතාව දැක්වු සහයෝගය
    පිළිබඳව සිය ස්තුතිය හා ගෞරවය පුද කරන බව රත්නපුර මහ දිසාපතිනී මාලනී ලොකුපෝතාගම මහත්මිය ප්‍රකාශ කළාය.

    එතුමිය මේ බව ප්‍රකාශ කළේ සබරගමුව පළාත් ගරු ආණ්ඩුකාරවර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ හා රත්නපුර දිස්ත්‍රික් ලේකම්/ මහ දිසාපතිනි මාලනී ලොකුපෝතාගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී 29 දින පැවැති රත්නපුර දිස්ත්‍රික් කොරෝනා වෛරස් මර්ධන රත්නපුර දිස්ත්‍රික් කාර්යය සාධක බලකා කමිටුව සමග පැවැති සාකච්ඡාවේදී ය.

    එහිදි දිසාපතිතුමිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ, තව දුරටත් සෞඛ්‍ය අංශයේ උපදෙස් පරිදි දිස්ත්‍රික්කයේ සාමාන්‍ය ජන ජිවිතය ගැටළුවකින් තොරව පවත්වාගෙන යා හැකි බව විශ්වාස කරන බවයි. එසේම මේ වන විට පවතින වැසි සහිත කාලගුණ තත්වය නිසා ඩෙංගු රෝගය හා මී උණ සම්බන්ධයෙන්ද සෑම දෙනාගේම අවධානය ඒ සඳහා විශේෂයෙන් යොමු විය යුතු බවයි.

    මෙම අවස්ථාවට සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් රංජනී ජයකොඩි මහත්මිය, රත්නපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් නීතීඥ එස්.බී. උඩෝවිට මහතා, රත්නපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් ජි.ඩි.එල්.උදය කුමාරි මෙනවිය , සබරගමුව පළාත් නියෝජ්‍ය පොලිස්පති ප්‍රමුඛ පොලිස් නිලධාරීහු, ආරක්ෂක අංශ නිලධාරීහු, දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් මහත්ම මහත්මීහු, අත්‍යවශ්‍ය සේවා සපයන රාජ්‍ය ආයතනවල ප්‍රධානීහු රැසක් ද සහභාගී වූහ.

     DMU/Rathnapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya