අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අසාර්ථක වූ මුල්‍ය සමාගම් වල මුදල් තැන්පත්කළ තැන්පත්කරුවන්ට සහන සැළසීමට හැකි සෑම පියවරක්ම රජයක් ලෙස ගන්නවා- අමාත්‍ය බන්දුල ගුණවර්ධන

    මැයි 29, 2020

    අසාර්ථක වූ මුල්‍ය සමාගම් වල මුදල් තැන්පත්කළ තැන්පත්කරුවන් මහත් අපහසුතාවයට පත් වී තිබෙන අතර ඒ වෙනුවෙන් රජය මැදිහත් වී හැකි ඉක්මනින් එම තැන්පත්කරුවන්ට සහන සැළසීමට කටයුතු කරන බව සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    අමාත්‍යවරයා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ දෙවැනි දින මාධ්‍ය හමුවේ දී අද (29) ප්‍රකාශ කළේ ය

    පසුගිය සතියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එවැනි මූල්‍ය ආයතන පිළිබඳ පූර්ණ වාර්තාවක් සකස් කර ඉදිරිපත් කළ බවත් ඒ අනුව එම තැන්පත් කරුවන්ට ගෙවිය හැකි උපරිම මුදල් ගෙවීම පිළිබඳ අවධානය යොමු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන් බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    මෙවැනි ආයතනයන්ගේ මුදල් තැන්පත් කල ඇතැම් තැන්පත්කරුවන් මේ වන විටත් නීති මගින් කටයුතු කර ඇති නිසා අධිකරණයේ තිබෙන එම ආරවුල් නිරාකරණය කළ වහාම එම තැන්පත්කරුවන්ට සහණ සැළසීම සඳහා ගත හැකි සෑම පියවරක්ම රජයක් ලෙස ගන්නා බවද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya