අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෝසම් වර්ෂාව නිසා ඇති විය හැකි ආපදා වලින් ආරක්ෂාවීමට ජනතාව කටයුතු කළ යුතු ආකාරය ගැන දැනුවත් කරයි

    මැයි 28, 2020

     

    කොවිඩ් 19 ව්‍යසන තත්වය හමුවේ ඉදිරියේ දී ඇතිවිය හැකි මෝසම් වර්ෂාව නිසා ඇති විය හැකි ආපදා වලින් ආරක්ෂාවීම සදහා ජනතාව කටයුතු කළ යුතු ආකාරය පිළිබදව මහජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් දින (27) දින ආපදා කළමනාරකණ මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

    කෝවිඩ් ව්‍යසන අවදානම් තත්වය තිබිය දී ආපදාවක දී ආරක්ෂිත ස්ථානය කරා යාම වෙනුවට ඥාති හෝ හිතමිතුරන්ගේ නිවාස වෙත යාමට කටයුතු කරන ලෙසත් ඒ අයට ද ආපදාවට ලක්වීම නිසා ලබා දෙන වියලි සලාක වැනි සහනාධාර ලබා දීමට කටයුතු කරන බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා මෙම මාධ්‍ය හමුවේ දී පැවසීය.

     

    කොවිඩ් කෝවිඩ් ව්‍යසන අවදානම් සැළකිල්ලට ගනිමින් නිරිත දිග මෝසම් වර්ෂාව නිමා ආපදාවට ලක්විය හැති දිස්ත්‍රික්කවල ආරක්ෂිත මධ්‍යස්ථාන හදුනාගෙන ඇති බවත්, සෑම දිස්ත්‍රික්කයකම නිරෝධායන මධ්‍යස්ථානයක් වශයෙන් පවත්වාගෙන යා හැකි ස්ථානයක් ද හදුනාගෙන ඇති බවත් මේ අවස්ථාවේ දී පෙන්වා දෙන ලදී. එසේම ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට සෙවීම් හා මුදවා ගැනීම් කණ්ඩායම් ස්ථාන ගත කිරීම සදහා අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බවත් සියලු දිස්ත්‍රික්කවල මේ වන විට මෝසම් වර්ෂාව හේතුවෙන් ඇතිවිය හැකි ආපදා අවධානම කළමනාකරණය කර ගැනීම සදහා කටයුත කළ යුතු ආකාරය සම්බන්ධව දිස්ත්‍රික් ලේකම්ගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ කටිමු රැස්කර අවශ්‍ය සම්බන්ධීකරණය සිදු කර ඇති බවත් පෙන්වා දෙන ලදී.

    ආරක්ෂක අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ අංශයේ අතිරේක ලේකම් ක්‍රිස්ටි ලාල් ප්‍රනාන්දු, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ආසිරි කරුණාවර්ධන, ආපදා කළමානරකණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ආර් පී සමරක්කොඩි, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ ඒකයේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත්, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එස් පී සී සුගීෂ්වර, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ චමින්ද පතිරාජ මහතා ඇතුලු නිළධාරීන් පිරිසක් මේ අවස්ථාවට සහභාගී විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya