අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොවිඩ් රෝගයෙන් ජනතාව ආරක්ෂා කරනවා වගේම ඩෙංගු රෝගයෙන් ද ජනතාව ආරක්ෂා කරනවා

    මැයි 28, 2020

    COVID – 19 රෝගයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීමට කටයුතු කරනවා මෙන්ම බෝවන රෝගයක් වන ඩෙංගු රෝගයෙන් ද ජනතාව ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය COVID - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී (27) ප්‍රකාශ කළාය.

    පසුගිය වසරේ දී ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් මෙරට ජිවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 150 ක් වන අතර දැනට මෙම වර්ෂයේ දී 20 දෙනකු පමණ ජිවිතක්ෂයට පත් වී ඇත.

    ඩෙංගු රෝග මර්දනය සදහා ජනාධිපතිතුමාගේ උපදෙස් මත සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් කාර්යය සාධක බලකයක් පිහිටුවා ඇති අතර ඉතාමත් වගකීමකින් යුතු ව ඩෙංගු රෝගය ද පැතිරීම වැලක්වීම සදහා කටයුතු කරන බව ද අමාත්‍යවරිය එහි දී ප්‍රකාශ කළාය.

    COVID -19 රෝගය පැතිරීම වැලැක්වීම ජනතාව ලබා දුන් සහයෝගය ඩෙංගු රෝගය මර්දනය කිරීම උදෙසා ද ලබා දිය යුතු බවත්, අධික උණ පවතින්නේ නම් එය ඩෙංගු රෝගයේ ලක්ෂණයක් විය හැකි බැවින් තමන් ජිවත් වන දිස්ත්‍රික්කයට අදාළ ව තිබෙන ප්‍රධාන රෝහල වෙත ප්‍රතිකාර සදහා යොමු වෙන ලෙසත්, පවත්නා වැසි සහිත

    කාලගුණ තත්ත්වය මත ජීවත්වන පරිසරය , පොදු ගොඩනැඟිලි,ඉදිකිරීම් පරිශ්‍ර ආදිය පිරිසිදු කොට ඩෙංගු මදුරු කීටයන් බෝවීමට හේතු වන වතුර රැඳෙන ස්ථාන ඉවත් කිරීමට කටයුතු කරන ලෙසත් අමාත්‍යවරිය මෙහි දී වැඩිදුරටත් සඳහන් කළාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya