අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ගෙන් රට තුළ ට රෝගය ව්‍යාප්ත වීමට ඉඩ තබන්නේ නෑ- සෞඛ්‍ය අමාත්‍ය

    මැයි 27, 2020

    රෝගය සහිතව මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ගෙන් රට තුළ ට රෝගය ව්‍යාප්ත වීමට ඉඩ නොතබන බවත්, මෙරට තුළ සිටින ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කර ඇති බවටත් සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය COVID - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (27) ප්‍රකාශ කළාය.

     

    ඒ අනුව, ඔවුන් ගුවන් තොටුපලේ දී ඉතාමත් ම ආරක්ෂාකාරී සහගත ව කටයුතු කරන බවත්, ඔවුන් නිරෝධායන කඳවුරු වෙත ප්‍රවාහනය කිරීමත්, නිරෝධායන කඳවුරු වල සිට රෝගීන් ලෙස තහවුරු වූ පසු රෝහල් ගත කිරීමේ දීත් සෞඛ්‍ය අංශ ඉතාමත් වගකීමෙන් යුතුව කටයුතු කරන බවත්, මෙරට ශ්‍රී ලාංකිකයින් විදේශයන් හි සිට නැවත මෙරටට පැමිණීමෙන් පසු රෝගය සහිතව මෙරටට පැමිණීමෙන් පසු මෙරට තුළ සිටින ප්‍රජාව වෙත මෙම රෝගය සම්ප්‍රේෂණය වීම වැලැක්වීම සදහා රජයක් ලෙස සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවටත් සෞඛ්‍ය අමාත්‍යවරිය එහි දී ප්‍රකාශ කළාය.

    එමෙන්ම, රටවල් අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා පවත්වාගැනීමේ අවශ්‍යතාවයන් පෙන්වා දෙමින් මෙරට පුරවැසියන් කුමන රටක සිටිය ද අවස්ථාවක දී වුව ද ඔවුන් වීසා නොමැති ව හෝ අනවසරයෙන් එම රටවල් තුළ අසරණ ව රැඳී සිටින විටෙක මෙරට ජනතාව ගෙන්වාගැනීමට වගකිව යුතු රජයක් ලෙස නොපැකිළිව කටයුතු කරනු ලබන බවත්, කෙසේවුව ද මෙරට කොරෝනා වසංගතය පාලනය කිරීම උදෙසා රජය විසින් ගෙන ඇති වැඩපිළිවෙලට ශ්‍රී ලංකාවාසී ජනතාව ලබා දුන් සහයෝගයට ස්තුතිවන්ත වන බවත් ඒ මහත්මිය සඳහන් කළාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya