අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක්

    මැයි 27, 2020

    ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

     

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. කෑගල්ල, රත්නපුර, කළුතර,නුවරඑළිය ගාල්ල, සහ මාතර දිස්ත්‍රික්කවල සමහර ස්ථානවලමි.මී.100 වැඩි තද වර්ෂාපතනයන් ද ඇති විය හැක. සෙසු ප්‍රදේශ වල තැනින් තැන සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40 දක්වා වැඩි විය හැක.

    ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං (පැ.කි.මී. 70-80 දක්වා) ඇති විය හැකි බව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya