අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කටාර්, බෙලරුස් හා මෙල්බර්න් හි සිටින සිසුන් හා ශ්‍රමිකයින් ගෙන ඒමට විශේෂ ගුවන් යානා 03 ක්

    මැයි 26, 2020

    කොරෝනා වසංගතය හේතුවෙන් විදේශයන් හි කොටු වී සිටින ශ්‍රී ලංකික සිසුන් හා ශ්‍රමිකයින් පිරිසක් රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය මඟින් හෙට (27) සහ අනිද්දා (28) කටාර්, බෙලරුස් හා මෙල්බර්න් වෙත විශේෂ ගුවන් ගමන් වාර තුනක් සිදු කිරීමට කටයුතු යොදා  ඇතැයි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සන්නිවේදන හා මාධ්‍ය කළමනාකරු දීපාල් වී.පෙරේරා මහතා පැවසිය.

    මේ අනුව, කටාර්හි සිටින ශ්‍රී ලංකික ශ්‍රමිකයින් 273 ක් හෙට (27) මෙරටට ගෙන්වා ගනු ඇත. මෙම පිරිස 26 දා ශ්‍රී ලංකාවට ගෙන ඒමට සැළසුම් කොට තිබුණ ද හදිසියේම ගුවන් ගමන අවලංගු කෙරිණි.

     

    කටාර්හි සිට පැමිණීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් ගමන අවලංගු කිරීමෙන් අනතුරුව, විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සමඟ සාකච්ඡා කිරීමෙන් පසු,  අන්තර්වාර පියවරක් ලෙස, අතරමං වූවන් හට වහාම නවාතැන් පහසුකම් සලසා දෙන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් කටාර්හි සිටින වැඩබලන තානාපතිවරයා හට  උපදෙස් ලබා දී තිබෙන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

     

    බෙලරුස් හි හා මෙල්බර්න් හි සිටින ශ්‍රී ලංකික සිසුන් රැගෙන ඒම සඳහා තවත් ශ්‍රී ලංකන් ගුවන්සේවයේ විශේෂ යානා 02 ක් 28 දා පිටත් කර යැවීමට කටයුතු යොදා ඇතැයි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සන්නිවේදන හා මාධ්‍ය කළමනාකරු දීපාල් වී.පෙරේරා මහතා රජයේ නිල පුවත් වෙබ් අඩියට පැවසිය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya