මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොවිඩ්-19 ව්‍යාප්තිය වැළැක්වීමට සෞඛ්‍ය නිර්දේශයන් සහිත වාර්තාව සුව ඇමැතිනිය අතින් ජනපතිට පිළිගැන්වීමට පියවර

    මැයි 26, 2020

    කොරෝනා (කොවිඩ් 19) වෛරසය පැතිරයාම පාලනය කිරීම සදහා තවදුරටත් ගත යුතු විශේෂිත ක්‍රියාමාර්ග පිළිබදව තීන්දු තීරණ ගැනීම සදහා සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාත්‍යාංශය පිහිටුවන ලද විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුව අද දිනයේත් (26) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී රැස්විය.

     

    මෙම විශේෂ කාර්යසාධන සමාලෝචන කමිටුව වෛද්‍ය පරිපාලකයන්, පරිපාලන සේවයේ නිළධාරීන් හා විශේෂඥ වෛද්‍යවරුන් 35 දෙනෙකු නියෝජනය කරන අතර දින දෙකකට වරක් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස්වේ.

     

    රට විවෘත කිරීමත් සමග කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් රාජ්‍ය හා පෞද්ගලික ආයතන ප්‍රධානීන් සහ ජනතාව විසින් පිළිපැදිය යුතු සෞඛ්‍ය නිර්දේශයන් ඇතුලත් වාර්තාව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් අද දින (26) අතිගරු ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීමට නියමිත බව මෙහිදී සදහන් කරන ලදි. සෞඛ්‍ය අමාත්‍යතුමියගේ උපදෙස් පරිදි පිළිපැදිය යුතු සෞඛ්‍ය නිර්දේශයන් ඇතුලත් වාර්තාව COVID-19 වෛරසය මර්ධන කාර්යසාධන ක්‍රියාකාරී සමාලෝචන කමිටුව විසින් සකස් කර ඇත. ඒ අනුව ඉදිරියේ දී මෙම වාර්තාවේ කරුණු පිළිබද ජනතාව දැනුවත් කිරීමට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය හා මාධ්‍ය මගින් කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි.

     

    මෙම වාර්තාවේ ඇතුලත් කරුණූ ක්‍රියාත්මක කිරීමට පළාත් සෞඛ්‍ය ලේකම්වරුන්, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් සහ පළාත් පාලන ආයතනවල කොමසාරිස්වරුන් සමග සම්බන්ධීකරණය කරමින් ජනතාවට දෛනික කටයුතු කරගෙන යාම සදහා ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය දන්වා සිටියි. මෙය පළාත් මට්ටමින් අධීක්ෂණය කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඡ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කිරීමට කටයුතු කරන ලෙසට අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙහිදී උපදෙස් ලබාදෙන ලදි. එමෙන්ම සතියකට වරක් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මගින් ජනතාව දැනුවත් කිරීම සදහාත්, සෞඛ්‍ය පණිවුඩ ලබාදීමේ වැඩපිළිවෙළක් ද සකස් කරන ලෙසට එම කාර්යාංශයේ නිලධාරීන්ට ද අමාත්‍යතුමීය උපදෙස් ලබා දෙන ලදී.

     

    මෙම අවස්ථාවට විශේෂ කාර්යසාධන සමාලෝචන කමිටුව නියෝජනය කරමින් සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධක්ෂ ජනරාල් වෛද්‍ය පබා පලිහවඩන යන මහත්ම මහත්මීන් විශේෂඥ වෛද්‍යවරුන් ඇතුලු නිළධාරීන් පිරිසක් සහභාගි විය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya