මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංගම,පුද්ගලික බස්රථවල හා දුම්රිය මගී ප්‍රවාහනයේ දී ආසන ගණනට පමණක් ප්‍රවාහනය කිරීමට වැඩපිළිවෙලක්- මගීන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණයි

    මැයි 26, 2020

    ඉදිරි කාලය තුළ සියලුම ලංගම හා පුද්ගලික බස්රථවල හා දුම්රිය මගී ප්‍රවාහනයේ දී ආසන ගණනට පමණක් මගීන් ප්‍රවාහනය කිරීමට නීතියක් සකස් කීරිමටත් අනිවාර්යයෙන් ම එය ක්‍රියාත්මක කිරිමටත් තමන් පියවර ගන්නා බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (25) රත්මලාන, ධර්මපාලාරාමයේ දී ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහානායක ධූරයෙන් පිදුම්  ලැබූ අග්ගමහා පණ්ඩිත අතිපුඡ්‍ය කොටුගොඩ ධම්මාවාස ස්වාමින්වහන්සේ බැහැ දැක උන්වහන්සේ ගේ සුවදුක් බැලීම පිණිස ගිය අවස්ථාවේදී ය.

    මුදල් දී ප්‍රවේශ පත්‍රයක් ලබා ගන්නා සෑම මගින්යෙකුට ම ආසනයක වාඩි වී ආරක්ෂිතව ගමන් කිරීමට අයිතියක් ඇති බවත් පසුගිය කාලය තුළ කිසි විටෙක මගීන් එම අයිතිය තහවුරු කිරීම  සඳහා කිසිදු රජයක් පියවර ගෙන නොමැති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය. එහෙත් වත්මන් රජය යටතේ මගීන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණ බව කී අමාත්‍යවරයා ගුණාත්මක, ඉහළ පොදු ප්‍රවාහන සේවාවක් ස්ථාපිත කිරීමට අවශ්‍ය සියලුම පියවර ගන්නා බව පැවසීය.

    දැනට මගීන් ප්‍රවාහනය කරන ලොරි චැසිවලට සවිකරන ලද බස්රථ වෙනුවට වයසක, ආබාධිත මෙන් ම සෙසු සියලුම ජනතාවට සුරක්ෂිතව ගමන් කළ හැකි නියම බස්රථ ප්‍රවාහන සේවාවන්  ඉතාමත් නුදුරු අනාගතය තුළ එක් කරන බවත් කීවේ ය.

    එමෙන ම පහසුකම් සහිත දුම්රිය 09ක් ද මේ වන විට ගෙන්වා ඇති බව පැවසු ඇමතිවරයා,සුඛෝපභෝගී දුම්රිය දෙකක් දේශීය හා විදේශිය සංචාරකයින් වෙනුවෙන් ඉතා කෙටි කාලයක දී  යොදා ගැනීමට කටයුතු කරන බවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya