අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාධ්‍යවේදීන්ගේ සහ රජයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළහොත් නීතිය තදින් ක්‍රියාත්මකයි

    මැයි 26, 2020

    සමාජ තොරතුරු අනාවරණය කරන මධ්‍යව්දින්ට, රාජකාරිය සිදු කරන පොලිස් නිළධාරීන්ට, මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට, සෞඛ්‍ය සේවයේ කාර්යය මණ්ඩල වල සාමාජිකයින්ට මෙන්ම අනිකුත් රාජ්‍ය නිළධාරීන්ට තම රාජකාරිය ඉටු කිරීමට යාමේ දී බාධා කිරීම් සිදු කිරීම ආරම්භයේ සිටම නිරීක්ෂණයට ලක් ව ඇති බවත්, ශ්‍රී ලංකාව යනු එක් නීතියක් ක්‍රියාත්මක වන රටක් බවත්, එම නීතීන් එක් ජන කොට්ඨාසයකට හෝ එක ආගමකට හෝ එක ප්‍රදේශයකට හෝ වෙනස් ව ක්‍රියාත්මක නොවන බවත් ඊට පටහැනිව කටයුතු කිරීමට ඉඩ නොදෙන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මහජනතාවට අවධාරණය කර සිටි.

    (24) දින බණ්ඩාරගම-අටළුගම ප්‍රදේශයේ ඇති වූ අවාසනාවන්ත සිද්ධිය තුළ මාධ්‍යව්දියෙකු ඔහුගේ රාජකාරිය සිදු කිරීමට යාමේ දී ඔහුගේ රාජකාරියට බාධා කරමින් යම් පිරිසක් කටයුතු කර තිබෙන බවත්, එම පිරිසෙන් පස් දෙනකු අත්අඩංගුවට ගෙන මේ වන විටඔවුන් සියල්ල පානදුර අධිකරණයට යොමු කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවත්, ඒ සම්බන්ධව බණ්ඩාරගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බවත් ඒ මහතා සදහන් කළේය.

    ඒ අනුව, හෙට සිට රට විවෘත වී කටයුතු කරගෙන යාමේ දී නිළධාරීන්ගේ රාජකාරියට බාධා කරන අයවළුන් සදහා සිට (26) සිට නිතිය දැඩිව ක්‍රියාත්මක කෙරෙන බවත්, මෙරට පැවතිය හැක්කේ සැමටම පොදු වූ එක් නීතියක් බවත්, කුමන ආගමක හෝ ජනවර්ගයක හෝ කණ්ඩායමක හෝ කුම ප්‍රදේශයක හෝ කිසිඳු පුද්ගලයෙකුට එම නීතියට පටහැනිව ක්‍රියාකිරීමට ඉඩ නොදෙන බවත් අවධාරණයෙන් යුතු ව ඒ මහතා මහජනතාවට දැනුම් දී සිටි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya