අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමාජ දුරස්ථභාවය පවත්වා නොගන්නා පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා

    මැයි 26, 2020

    සමාජ දුරස්ථභාවය පවත්වා නොගන්නා පුද්ගලයින් සදහා පවත්නා නිරෝධායන රීතීන් යටතේ කටයුතු කරන බවත් පුද්ගල දුරස්ථභාවය තබාගෙන කටයුතු කරන ලෙසත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අවධාරණය කරයි.

     

    සමාජ දුරස්ථභාවය සිදු නොකරන පුද්ගලයින් සදහා පවත්නා නිරෝධායන රීතීන් යටතේ කටයුතු කරන ලෙස විශේෂ නියෝගයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් පොලිස්පති තුමා වෙත (25) නිකුත් කර ඇති බවත් ඒ අනුව පොලිස්පති වරයා විසින් පොලිස් මුලස්ථානය මඟින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කොට ඇති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.

     

    මෙරට ආර්ථිකයට වැදගත් වන සියලු ස්ථාන, ආනයන-අපනයන ක්‍රියාවලිය, වරාය හා ගුවන් තොටුපල කටයුතු, යනා දී සියල්ල පිහිටා තිබෙන්නේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක ආශ්‍රිත ව වේ.

    ඒ අනුව, 26) සිට මෙම දිස්ත්‍රික්ක වල කටයුතු නැවත ආරම්භ කරන හෙයින් ඇදිරිනීතිය පැනවුවත් නැතත් කිසියම් රාජකාරියක නිරත නොවන්නේ නම්/විශේෂ කාර්යයක් සිදු කිරීමට නොමැති නම් හැකි තාක් නිවසේ රැඳී සිටිය යුතු බවත්, සමාජ දුරස්ථභාවය පවත්වාගනිමින් කටයුතු කරන ලෙසත්, ජනතාව කෙසේ කටයුතු කළ යුතු ද යන්න පිළිබඳව දන්වමින් අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

    එම චක්‍රලේඛය සියලු පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත යොමු කොට ඇති අතර ඊට අනුව (26)දින සිට සමාජ දුරස්ථභාවය සිදු නොකරන පුද්ගලයින් අත්අඩංගුව ගෙන නිතිය හමුවේ ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් ඔවුන්ට මාස 06 ක සිරදඩුවමක් ලබා දීමට කටයුතු කරන බවත් මෙහි දී ඒ මහතා ප්‍රකාශ කළේය.

    මෙරට ජනතාව විවිධ පාරිභෝගික සේවා සපයන ස්ථාන අසල, රටබිම හල්/මත්පැන් අලෙවිසැල් අසල පුද්ගල දුරස්ථභාවය පවත්වාගැනීම පිළිබඳව නොසැලකිලිමත් ලෙස කටයුතු කරනු නිරීක්ෂණය වී ඇති අතර සමාජ දුරස්ථභාවය/පුද්ගල දුරස්ථභාවය රඳවා ගැනීමට කටයුතු නොකරන පාරිභෝගිකයින්ට, මෙන්ම ඊට අනුබල ලබා දෙන ඒවායේ හිමිකරුවන්ට, යම් යම් ආයතන වල කළමනාකරුවන්ට, විවිධ පාරිභෝගික සේවා සපයන ආයතන වල පාලකයින්ට එරෙහි ව (26) සිට ක්‍රියාකරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නිවේදනය කර සිටි.

     මාස දෙක හමාරකට පසුව සිට (26) නැවත සේවාස්ථාන ආරම්භ කරන අවස්ථාවේ දී අතට අත දී ආචාර කිරීම්, සිපවැළදගෙන ආචාර කිරීම්, වැනි දීර්ඝ කාලීන පුරුදු වලින් සම්පුර්ණයෙන්ම වළකින ලෙසත් මෙරටට අවේණික ‘ආයුබෝවන්’ යන සංකල්පයට අනුව ආචාර කිරීම් කරන ලෙසත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජනතාවට දැනුම් දී සිටි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya