මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නගර ආශ්‍රිතව තිබෙන පිසූ ආහාර සපයන සාමාන්‍ය හෝටල් සහ බක්කි කඩ විවෘත කිරීමට තවමත් අවසර නෑ

    මැයි 26, 2020

    නගර ආශ්‍රිතව තිබෙන පිසූ ආහාර සපයන සාමාන්‍ය හෝටල් සහ බක්කි කඩ විවෘත කිරීමට තවමත් අවසර නොමැති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    විවෘත කිරීමට අවසර නොදී ඇති සම්බාහන මධ්‍යස්ථාන හා කායවර්ධන මධ්‍යස්ථාන ඉදිරියේ දී ආරම්භ කිරීම සඳහා එම මධ්‍යස්ථාන වල පාලකයින් විසින් ඒවා විවෘත කිරිමට ප්‍රථම ලබා දී ඇති සෞඛ්‍ය නිර්ණායක බාගත කරගෙන ඊට සුදානම් වන ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා (25) මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ ය.

    නගර ආශ්‍රිතව තිබෙන පිසූ ආහාර සපයන සාමාන්‍ය හෝටල් සහ බක්කි කඩ විවෘත කිරීමට තවමත් අවසර නොමැති බවත්, ඉදිරියේ දී එම ස්ථාන විවෘත කිරීමට අවසර ලබා දෙනු ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් තමන් හට දැනුම් දුන් බවත් මෙහි දී කියා සිටියේය.

    මෙම ක්‍රියාමාර්ග සියල්ල සිදු කර ඇත්තේ එකී වෘත්තිකයින් අවමානයකට හෝ අපහසුතාවයකට පත් කිරීමට නොවන බවත්, සෞඛ්‍ය බළධාරීන්ගේ උපදෙස් මත රෝග ව්‍යාප්ත වීමට වැඩි අවදානමක් පවතින බැවින් එම තත්ත්වය වලක්වාගැනීම උදෙසා බවත් ඒ මහතා මෙහි දී කියා සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya