අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුසියාවේ ශ්‍රී ලංකා තානාපති විශේෂඥ වෛද්‍ය මහාචාර්ය එම්.ඩී ළමාවංශ අගමැති හමුවෙයි

    මැයි 25, 2020

    රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත් කරනු ලැබූ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය එම්.ඩී ළමාවංශ මහතා ශ්‍රී ලංකාවේ පස් වැනි විධායක ජනාධිපති සහ වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවෙයි.

    අග්‍රාමාත්‍යවරයා මුණගැසීමෙන් අනතුරුව ඒ මහතා රාජකාරී කටයුතු ආරම්භ කිරීම සඳහා රුසියාව බලා පිටත්ව ගියේය.

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශල්‍ය වෛද්‍ය මහාචාර්යවරයකු වන එම්.ඩී ළමාවංශ මහතා එම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ හිටපු පීඨාධිපතිවරයා ද වෙයි.

    වයඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සමාරම්භක පීඨාධිපතිවරයා ද වන ළමාවංශ මහතා සාක් රටවල ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ හිටපු ලේකම්වරයකු වන අතර එම සංගමයෙහි වර්තමාන සභාපතිවරයා ද වෙයි. තව ද ශල්‍ය වෛද්‍ය විද්‍යාලයේ හිටපු සභාපතිවරයකු ද වන ඒ මහතා කුඩා ළමුන්ගේ වකුගඩු බද්ධ කිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සිටින ප්‍රවීණතම ශල්‍ය වෛද්‍යවරයකු ලෙස ද හඳුන්වා දිය හැකිය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya