අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකික සිසුන් මෙන්ම ශ්‍රී ලංකික විදෙස් ශ්‍රමිකයින් ද විධිමත්ව මැදිහත්වීම් සිදු කොට ඔවුන් මෙරටට රැගෙන ඒමට කටයුතු කරනවා

    මැයි 24, 2020

    පවතින COVID – 19 වසංගත තත්ත්වය හේතු කොටගෙන ශ්‍රී ලංකික සිසුන් මෙන්ම ශ්‍රී ලංකික විදෙස් ශ්‍රමිකයින්ව මෙරටට ගෙන්වා ගැනීම සඳහා ජනාධිපතිතුමා ප්‍රමුඛ ශ්‍රී ලංකා ආණ්ඩුවත්, ආණ්ඩුවකට කළ හැකි උපරිමයට වඩා වැඩියෙන් විධිමත්ව මැදිහත්වීම් සිදු කොට ඔවුන් මෙරටට රැගෙන ඒමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය  ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (24) ප්‍රකාශ කළේය.

    ඒ මහතා මේ බව කියා සිටියේ, ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂිත විදේශගත ශ්‍රී ලංකික ශ්‍රමිකයින් නැවත ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල පිළිබඳ අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හි පැවති මාධ්‍ය හමුවේ දී ය.

    එතෙර සිටින ශ්‍රී ලංකික සිසුන් සහ විදෙස් ශ්‍රමිකයින් මෙරටට ගෙන්වාගැනීම වෙනුවෙන් විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පසුගිය දිනෙක ඒ වෙනුවෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සහ ඒ හා සම්බන්ධ වී ඇති ගැටළු මෙන්ම අනාගත ක්‍රියාමාර්ග පිළිබඳව ඉදිරිපත් කළ යෝන්ජනවට කැබිනට් අනුමැතිය හිමිව තිබිණි.

    ශ්‍රී ලංකික ශ්‍රමිකයින් ලක්‍ෂ 26 ක් පමණශ්‍රී ලංකික ශ්‍රමිකයින් ලෙස විදේශ ගත ව සිටි. විදේශ විනිමය මෙරටට රැගෙන එමින් විශාල ජාතික මෙහෙවරකට මෙහෙවරක් ඉටු කරමින් සිටින සේවා නියුක්තිය සඳහා එතෙර ගිය පිරිස ලක්‍ෂ 15 ක් පමණ වන අතර එතෙර සිටින පිරිසෙන් අධ්‍යාපනය සඳහා මෙරටින් පිටව ගොස් සිටින ශ්‍රී ලංකික සිසුන් මෙන්ම විවිධ ව්‍යාපාර වෙනුවෙන් විදෙස් ගතවූවන්, ද්විත්ව පුරවැසිභාවය ලැබූවන් ද සිටින අතර වීසා කාලය අවසන්ව මෙරටට පැමිණීම වෙනුවෙන් විදේශ සබදතා අමාත්‍යංශයට ඉල්ලීම් කර ඇති සංඛ්‍යාව 41,000 පමණ වන බව වාර්තා වී ඇත.

    රටවල් 143 කින් පමණ සිටින ශ්‍රී ලාංකිකයින් මෙරට සමඟ සබදතා පවත් වන නමුත් එම රවල් 143 සමඟ සබඳතා පැවැත්වීම උදෙසා ඇත්තේ විදේශ දූත මණ්ඩල, තානාපති කාර්යයාල, මහකොමසාරිස් කාර්යයාල 67 ක් පමණක් හෙයින් අසල්වැසි රටවල් සමඟ සබදතා පැවැත්වීම වෙනුවෙන් තානාපති කාර්යාල වල සේවා නියුක්ත ව සිටින පිරිසක් දුෂ්කරතා මැද වුව ද විශාල කාර්යය භාරයක් සිදු කරමින් සිටින බව අමාත්‍යවරයා විසින් සඳහන් කර සිටියේය.

    ඒ අනුව, ලැයිස්තුගත ප්‍රමුඛතා ලේඛන වලට අනුව ක්‍රමානුකුලව ඔවුන් මෙරටට ගෙන්වීම සිදු කරන බවත්, ඉන් පළමුව අධ්‍යාපනය වෙනුවෙන් එතෙර සිටින ශිෂ්‍යයින්, විවිධ රාජ්‍ය කාර්යයන් සඳහා පිටව ගොස් සිටින රාජ්‍ය නිළධාරීන්, කෙටිකාලින වීසා අවසන් වූවන්, මානුෂික හේතුන් මත මෙන්ම රැකියා අහිමි වීම් යනා දී කරුණු අනුව මෙම ප්‍රමුඛතා ලේඛන සකස් වන බවත්, ජනාධිපති ලේකම් කාර්යයාලයේ රියාල් අද්මිරාල් කොළඹගේ මහතා යටතේ අධීක්ෂණ කටයුතු සිදු කරන බවත්, ඊට කිසිඳු දේශපාලන මැදිහත්වීමක් සිදු නොකරන බවත් බන්දුල ගුණවර්ධන මහතා මෙහි දී කියා සිටියේය.

    එමෙන්ම, ඔවුන් මෙරටට ගෙන්වීමේ දී මෙරට සිටින ජනතාවගේ ආරක්ෂාව ද තහවුරු කරමින් ඔවුන් ව නිරෝධයනට ලක් කිරීමට කටයුතු කරන බවත්, හැකි සැම විටම ඔවුන් මෙරටට ගෙන්වාගැනීමට අවශ්‍ය කටයුතු ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් සිදු කරනු ලබන බවත්, විවිධ දුෂ්කරතාවයන් මධ්‍යයේ වුව ද එකී කටයුතු ක්‍රමානුකුලව සිදු කිරීමට මෙරට රජය විසින් පියවර ගෙන ඇති විටෙක එතෙර සිටින මෙරටට පැමිණීමට අපේක්ෂිත ශ්‍රී ලාංකිකයින් ඒ පිළිබඳව අවබෝධ කරගනිමින් ඉවසීමෙන් යුතුව සිටින ලෙසත්, අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළේය.

     

    මෙම මාධ්‍ය හමුව සඳහා කුවේටි හි හිටපු තානාපති - විදේශ සබඳතා අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් කාදිපන් බාලසුබ්‍රමනියම්, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව, විදේශ සබඳතා අමාත්‍යංශයේ ආර්ථික හා ශ්‍රී ලංකික සිසුන් සම්බන්ධයෙන් ක්‍රියා කරන අන්සුල් ජාන්, වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් රුවන්ති දෙල්පිටිය, විදේශ සේවා නියුක්ත කර්යයංශයේ සාමාන්‍යධිකාරී වන්සේකරන්, විදේශ සේවා නියුක්ත කර්යයංශයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී මංගල රන්දෙණිය යන මහත්ම මහත්මීහූ සහභාගී වූහ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya