අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංචාරක මාර්ගෝපදේශකයන් සදහා රක්ෂණ ක්‍රමයක්

    මැයි 24, 2020

    සංචාරක මාර්ගෝපදේශකයන් සදහා රක්ෂණ ක්‍රමයක් හදුන්වා දීමට රජය සුදානම් වෙයි. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු මහත්මියට උපදෙස් දුන්නේය.

    සංචාරක මාර්ගෝපදේශකයන්ගේ සමාගම් සමග පසුගිය දා (22) පැවති සාකච්ඡාවක දී එම සංගම් නියෝජිතයන් ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියේ සංචාරක මාර්ගෝපදේශකයන් සදහා නීතිමය ආවරණයක් ලබා දෙන ලෙසයි. කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය මෙරට සංචාරක මාර්ගෝපදේශකයන් තුන්දෙනෙකුට වැළදුණු බවත් ඉන් එක් අයෙකු මිය ගිය බවත් සාකච්ඡාවේ දී අනාවරණය විය.


    මේ වන විට දිවයිනපුරා සංචාරක මග පෙන්වන්නන් 5000කට ආසන්න පිරිසක් සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වී තිබේ. මෙම සංචාරක මගපෙන්වන්නන් සදහා සහන පොළී ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන ලෙස ද ඔවුහු ඇමති ප්‍රසන්න රණතුංග මහතාගෙන් ඉල්ලා සිටියහ. ඇමතිවරයා මෙහි දී කියා සිටියේ අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් සංචාරක සංවර්ධන අධිකාරිය දැනටමත් අවධානය යොමු කර ඇති බවයි. ඊට අමතරව සංචාරක මාර්ගෝපදේශකයන් සදහා ගෙවනු ලබන දීමනාව දිනකට ඇමෙරිකානු ඩොලර් 35 දක්වා වැඩි කරන ලෙස ද එම නියෝජිතයෝ ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියහ. ඒ සම්බන්ධයෙන් අදාළ අංශ සමග සාකච්ඡා කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා කීවේය.


    සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි නොවු සංචාරක මග පෙන්වන්නන් රැසක් සිටින බවත් ඔවුන් සංචාරකයන් සුරා කෑමකට ලක් කරන බවත් එම නියෝජිතයන් ඇමති ප්‍රසන්න රණතුංග මහතාට පෙන්වා දුන්හ. ඇමතිවරයා ඊට ප්‍රතිචාර දක්වමින් කීවේ මෙවැනි සිදුවීම් වැළැක්වීමට ඉදිරි පියවර ගන්නා බවයි. සංචාරක ක්ෂේත්‍රෙය් නියුතු මග පෙන්වන්නන්, රියදුරන් නියාමනය කිරීම සදහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව සැලසුම් කළ බවත් කොරෝනා වසංගතය හේතුවෙන් එය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වු බවත් පැවසු ඇමතිවරයා සංචාරක ක්ෂේත්‍රයේ යථා තත්ත්වයට පත් වූ වහාම එම වැඩසටහන නැවත ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ද කීවේය.


    සංචාරක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වරුණ සමරසේකර, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු, අධ්‍යක්ෂක ජෙනරාල් ධම්මික විජයරත්න යන මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට එක් වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya