අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍ය අමාත්‍යවරිය අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් බැහැ දකී

    මැයි 23, 2020

    සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අගරදගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් කොළඹ අගරදගුරු මැදුරේ දී පසුගිය දින බැහැ දකින ලදි.

    පවතින COVID-19 වසංගත තත්ත්වය හමුවේ රට පියවරෙන් පියවර විවෘත කිරීමේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රමුඛ රජය ගන්නා වූ ඉදිරි සෞඛ්‍ය ආරක්ෂිත පියවර හා ක්‍රියාමාර්ග පිළිබදව දැනුවත් කිරීමට හා ආගමික නායකයින්ගේ උපදෙස් හා අදහස් සහ ආශිර්වාද ලබාගැනීමේ අරමුණින් මෙම හමුව සිදු විය.

    සෞඛ්‍ය අමාත්‍යතුමිය මෙහිදී COVID-19 වත්මන් තත්වය පිළිබදව අගරදගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් දැනුවත් කරමින් කියා සිටියේ අතිගරු ජනාධිපතිතුමා හා අගමැතිතුමාගේ මගපෙන්වීමෙන් රජයක් විදිහට කොරෝනා මර්දනයට ගත හැකි සියළු ක්‍රියාමාර්ග මේ වන විටත් ගෙන ඇති බවයි. ඉදිරියේ දී එම ක්‍රියාමාර්ග තවතවත් ශක්තිමත් කිරීමට පියවර ගන්නා බවත්, මීට අමතරව ජනතාවගේ ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්වන තුරු රජය මගින් ජනතාවට ලබාදෙන සහන වැඩපිළිවෙල නිරතුරුව සිදුවන බවත් පැවැසීය. රට පියවරෙන් පියවර විවෘත කිරීමේ දී අතිගරු ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රමුඛ රජය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව ද මෙහිදී සෞඛ්‍ය අමාත්‍යතුමිය අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් දැනුවත් කරන ලදි.

    වත්මන් රජය විසින් COVID-19 පාලන හා මර්දන ක්‍රියාවලිය පැසසුමට ලක් කළ අගරදගුරුතුමන් COVID-19 මර්දන හා ප්‍රතිකාර සේවාවේ දී පෙරමුණ ගෙන කටයුතු කරන වෛද්‍ය, හෙද ඇතුලු සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලටත්, රජයටත් විශේෂ ස්තූතිය පුද කරන ලදි. එමෙන්ම රාජ්‍ය නායකයා ලෙස ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මැතිණිය ඇතුලු රජය ලබාදෙන නායකත්වය පිළිබදව තමා සතුටට පත්වන බව ද පැවැසීය. මෙම වෛරසය වැළදීමෙන් සමාජයේ කොන්වීමක් සිදු නොවන බවත්, සාමාන්‍ය රෝගයක් වැළදුන විට දී කෙනෙක් අනුගමනය කළ යුතු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද සහ වෛද්‍ය උපදෙස් පිළිපැදීමෙන් මෙම වෛරසයෙන් ආරක්ෂා විය හැකි බව උන්වහන්සේ පෙන්වා දෙන ලදි. මේ අවස්ථාවේ දී ජනතාවට සංවේදීව හැසිරෙන ලෙසටත්, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදෙනු ලබන සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් වලට අනුගත වෙමින් කටයුතු කරන ලෙසට ද අගරදගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ජනතාවගෙන් ඉල්ලා සිටින ලදි.

    මෙම අවස්ථාවට අමාත්‍යතුමියගේ පෞද්ගලික ලේකම් සබරගමුව පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න මහතා ද එක්ව සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya