අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක ජාතික වැඩපිළිවෙළ ගැන අසත්‍ය ප්‍රචාර පතුරවන්න එපා- අධ්‍යාපන ඇමතිගෙන් ඉල්ලීමක්

    මැයි 23, 2020

    පාසල් දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පළාත් බලධාරීන් සහ ප්‍රජා සෞඛ්‍ය නිලධාරීන් ඇතුළු වගකිවයුකු සියලු පාර්ශව සමග එක් ව ක්‍රියාවට නංවමින් සිටින ජාතික වැඩපිළිවෙළ ගැන නිසියාකාරව විමසා නොබලා, ඇතැම් පිරිස් විසින් සමාජය නොමගයවනසුළු අසත්‍ය ප්‍රචාර ගෙනයාම හෙළා දකින බවත්, එකිනෙකා නියෝජනය කරන්නා වූ දේශපාලන පක්ෂය, වෘත්තීය සමිතිය කවරක් වුවත් මෙවැනි අභියෝගාත්මක අවස්ථාවක දී දරුවන් සම්බන්ධ ව මවක, පියෙකු මෙන් ඉතා සංවේදී ව, විමසිලිමත් ව හා නිවැරදි ව කටයුතු කරන ලෙස අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේ ය.

    අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, කොරෝනා හදිසි තත්ත්වයන් කළමනාකරණය කිරීම සඳහා ගන්නා ලද ක්‍රියාමාර්ගයන්හි ප්‍රගතිය සම්බන්ධයෙන් මාතර දිස්ත්‍රික් ලේකම්කාර්යාලයේ (22) පැවති හමුවකට එක්වෙමිනි.

    Covid 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් රටම අභියෝගයකට මුහුණ දී ඇති මේ අවස්ථාවේ රජය පාසල් දරුවන් හෝ ඔවුන්ගේ දෙමව්පියන් අපහසුතාවට ලක්කිරීමට කිසිසේත් කටයුතු නොකරන බවත්, පාසල් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත පහසුකම් ස්ථාපනය කිරීමේ දී දෙමව්පියන්ට අනවශ්‍ය බරක් පැටවීමට පියවර ගෙන ඇති බවට ඇතැම් වෘත්තීය සමිති නියෝජිතයන් විසින් ගෙන යන වැරදි මත අතිශයින් ම සාවද්‍ය බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

     

    නැවත පාසල් ආරම්භ කිරීමට තීරණය කරනු ලබන්නේ සෞඛ්‍ය බලධාරීන් විසින් ඒ සඳහා සුදුසු පසුබිමක් රට තුළ ගොඩනැගී ඇති බවට ලබාදෙන පූර්ණ තහවුරුවකින් පසුව පමණක් බව ද වැඩිදුරටත් සඳහන් කළ අමාත්‍යවරයා, සෑම පාසලකට ම ශරීර උෂ්ණත්ව මැන බැලීමේ උපකරණ, අත් සේදීමේ සින්ක්, ගිලන් කාමරයක් බැගින් ලබාදීමට රජය පියවර ගන්නා බවත්, ඒ සඳහා දෙමව්පියන්ගෙන් කිසිදු මුදලක් ලබා නොගන්නා බවත් පැවසීය. මේ සඳහා සිසු දරුවන් 200ට අඩු සෑම පාසලකට ම රුපියල් 30,000/-ක් බැගින් ලබා දීමට පියවර ගන්නා බවත්, දිවයින පුරා සියලු පාසල් වෙත මෙම සෞඛ්‍යාරක්ෂණ පහසුකම් සැපයීම වෙනුවෙන් රුපියල් මිලියන 680ක් ඇස්තමේන්තුගත කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

    මේ අවස්ථාවට මාතර දිසාපති, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, මාතර දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්වරුන්, ප්‍රාදේශීය සභාපතිවරුන්, පළාත් පාලන නිලධාරීන්, දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක් ව සිටියහ.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya