මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් සහ දිස්ත්‍රික්ක කීපයක සවස වැසි- කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

    අප්‍රේල් 08, 2020

    සබරගමුව, ඌව, මධ්‍යම, බස්නාහිර, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්ක වලත් ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

    දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 14 දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. අද දින (08) දහවල් 12:12ට වෙන්නප්පුව , ලුනුවිල, දාරළුව, අඹතැන්න, රංගල ,හසලක, කොළමන්තලාව සහනින්තවූර් යන ප්‍රදේශ වලට හිරු මුදුන්ව පවතින බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (8) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya