මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ මහනගර සභාව තුළ වෙසෙන ප්‍රතිලාභී ජනතව වෙත මහජන ආධාරය ලබා දීම අද සිට

    අප්‍රේල් 08, 2020

    කොළඹ මහනගර සභාව තුළ වෙසෙන 12,970 ක් වන මහජන ආධාර ප්‍රතිලාභීන්ට මාර්තු මාසයේ දී ලබා දීමට නියමිත මහජන ආධාරය ලබා දීමට සැළසුම් කර ඇති අතර අප්‍රේල් මස 08,09 සහ 10
    යන තෙදිනයන් හි දී කොළඹ මහා නගර සිමාවේ පිහිටි මධ්‍යස්ථාන 75 ක් පුරා ක්‍රියාත්මක වන බව කොළඹ මහනගර සභාවේ නාගරික කොමසාරිස් රොෂානි දිසානායක මහත්මිය ප්‍රකාශ කර සිටියි.

    ඒ සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කර තිබෙන බවත්, එම මධ්‍යස්ථාන වලට කොළඹ මහා නගර සභාවේ සහන නිළධාරීන්/සෙසු නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකා පොලිසිය, ගුවන් හමුදාව සහ යුධ හමුදාව ද
    මේ සඳහා කටයුතු කරනු ලබන බවත් ඒ මහත්මිය සඳහන් කළාය.

    මෙම ප්‍රතිලාභීන් වයස්ගත පුද්ගලයින් වන අතර එම පුද්ගලයින් සඳහා මුදල් ලබා දීම සඳහා ආරක්ෂිතව සහ සෞඛ්‍යාරක්ෂිත ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමටත්, ඉහත දිනයන් හි දී ඒ ඒ අදාළ ප්‍රදේශ වලට මුදල් ලබා දීම පිළිබඳව ශ්‍රී ලංකා පොලීසිය මඟින් එම ප්‍රදේශ වලට එම දිනයට පෙර දිනයේ දී නිවේදනය කරනු ලබන බවත් ,එසේ නිවේදනය කරනු ලබන දිනට අදාළ ප්‍රදේශ වලට අයත් මධ්‍යස්ථාන වලට ගොස් තම ප්‍රතිලාභය ලබා ගන්නා ලෙසත් මෙහි දී රොෂානි දිසානායක මහත්මිය අවධාරණය කර සිටි.

    යම් කිසි ප්‍රතිලාභියෙක් වසා දමා ඇති ප්‍රදේශ වල හෝ නිරෝධායන කටයුතු වලට උපදෙස් දී සිටී නම් එවැනි පුද්ගලයින් එකී මධ්‍යස්ථාන වලට නොඑන ලෙසටත්, එම ප්‍රතිලභින්ට අදාළ මුදල ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක නිළධාරී මඟින් නිවසටම ලබා දීමට කටයුතු කරනු ලබන බවත් සඳහන් කරනු ලැබීය.


    කොළඹ නගර සිමාවේ සිටින දිළිඳු පවුල් 50,000 කට වියළි ආහාර ලබා දීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදවේ ද සහාය ඇතිව ලබා දීමට කටයුතු කරනු ලැබූ බව ද, ඉතිරි 1200 ක පමණ පවුල් සඳහා ද අප්‍රේල් 10 වෙනි දින ලබා දීමට කටයුතු කරන බව ද, මීට පෙර තොරතුරු පද්ධතියක් මේ සම්බන්ධයෙන් නොතිබූ බැවින් ඒ සඳහා තොරතුරු ලබා ගැනීමටත්, මුදල් ලබා ගත බව සනාථ කර ගනිමා අත්සන් ලබා ගත නොහැකි බැවින් image identification system තාක්ෂණය යොදා ගැනීමට කටයුතු කරන බව ද ඒ මහත්මිය අවධාරණය කර සිටියාය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya