මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුපිරි රෝස චන්ද්‍රයා සහ ග්‍රහ ලෝක 5 ක අහස් සංදර්ශනය 7-8 රාත්‍රී දිස්වේ  

    අප්‍රේල් 07, 2020

    2020  වසරේ දීප්තිමත්ම පුරහඳ  - සුපිරි රෝස චන්ද්‍රයා - අද (7දා)රාත්‍රී  

    සුපිරි රෝස චන්ද්‍රයා සහ ග්‍රහ ලෝක 5 ක අහස් සංදර්ශනය 7-8 රාත්‍රී දිස්වේ  

     

    මෙම වසරේ දිස්වන පුරහඳ වලින් විශාලතම සහ දීප්තිමත්ම වූ “සුපිරි රෝස චන්ද්‍රයා” නමින් හදුන්වන පුරහඳ  සමග බුද, සිකුරු, අගහරු, බ්‍රස්පතී සහ සෙනසුරු යන ග්‍රහයින් 5ක් ද දිස්වන අහස් සංදර්ශනයක් බක් පුර පොහෝ දින රාත්‍රී (අද රාත්‍රී ) අහසේ දැකගත හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයයේ තාරකා විද්‍යා සහ අභාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න පවසයි.

     පෘථිවිය වටා චන්ද්‍රයා ගමන් කරනුයේ වෘතාකාර මාර්ගයක නොව ඉලිප්සාකාර මගකය. එහිදී චන්ද්‍රයා,  පෘථිවියට ලගින්ම ගමන්කරන දිනයක දී පුරහදක් ඇතිවුවහොත් චන්ද්‍රයා වෙනදට වඩා  කි.මි. 50000 ක් පමණ ලංවන බැවින් සඳු ඇතින් පිහිටන දිනක දීට වඩා 14%  විශාලව, හා 30% වඩා  දීප්තිමත්ව, පෙනෙන නීසාවෙ න්  එයට  සුපිරිසද යන නම භාවිතා කරනු ලැබේ.  සුපිරි සදක් නැරබිමට හොදම වෙලාව චන්ද්‍රයා  ක්ෂ්තිජයෙන් තරමක් ඉහලින් පිහිටන සදු පායන හෝ බසින  අවස්ථා   බව   මහාචාර්ය චන්දන ජයරත්න පවසයි.

    අද දින සවස නැගෙනහිරින් සදු උදාවනවිට චන්ද්‍රයා ද  බටහිර අහසේ ඉතා දීප්තිමත්ව සිකුරු ග්රලෝකය ද  අපට දැක ගැත හැකිය. මෙම සුපිර්සද නර්බීම සදහා 8 වනදා  අළුයම 5.00  ත් - 5.30 ත් අතර කාලය වඩා සුදුසු බව  ඔහු පවසන් අතර එවිට බටහිර සිට පිළිවෙලින් අහස මුදුනට වන්නට කහපැහැයෙන් දිස්වන යෝධ බ්‍රහස්පති, වළලුපලන් ග්‍රහයා වන සෙනසුරු, සහ රත් පැහැ අඟහරු යන ග්‍රහයින් තිදෙනා එකලගට වන්නටද, නැගෙනහිර ක්‍ෂිතිජයට ආසන්න ව බුධ ග්‍රහයා ද දීස්වනු ඇත. (මෙම ග්‍රහ දසුන 8 වනදා රාත්‍රී කාලයේද දැක ගත හකිය.)

    මෙම පුරහඳ සුපිරි රෝස චන්ද්‍රයා නමින් හැදින්නුවද මෙහි කිසිදු රෝස පැහැයක් නැති අතර වසන්තය උදාවත් සමග ඇතිවන පළමු පුරහඳ එකල පිපෙන රෝස පැහැ මල්වර්ගයක් නිසා මෙනමින් හදුන්වයි.

    මේඅතර  උතුරුකරයේ රටවලට සීත ඉර්තුව පහවී එළබෙන ග්‍රීෂ්මයේ  දී  පරිසර උෂ්ණත්වය වැඩිවීමත් සමගම  එම රට වල කොරෝනා ව්‍යවසනයේ ඉක්මන් තුරන්වීමක් ද බලපොරොත්තු වියහැකි බව මහාචාර්ය චන්දන ජයරත්න පවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya