අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශීය වෛද්‍ය ක්‍රම උපයෝගී කරගෙන COVID -19 මැඬපැවැත්වීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීමට සාකඡාවක්

    අප්‍රේල් 07, 2020

    දේශීය වෛද්‍ය ක්‍රම උපයෝගී කරගෙන COVID - 19 මැඩපවත්වීම සදහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීමට ආයුර්වේද වෛද්‍යවරුන්, දේශීය හෙළ වෛද්‍යවරුන්, නිල වෙදකම් සහ හෝමියෝපති ප්‍රතිකාර යන අංශයන්ගෙන් සමන්විත වූ 50 දෙනකුගෙන් යුතු කණ්ඩායමක් කැඳවා ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් මත, සෞඛ්‍ය අමාත්‍යතුමියගේ සහභාගිත්වයෙන් ඊයේ (05) දිනයේ දී COVID - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනයේ දී සාකච්ඡා කළ බව යුද්ධ හමුදාපති ලුතිනල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා (06) COVID - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනයේ දී ප්‍රකාශ කර සිටියේය.


    මේ වන විට දේශීය වෛද්‍ය ක්‍රම භාවිතා කරමින් සිටින බවත්, සැළසුම් සහගත ව එය ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳවත් මෙහි දී සාකච්ඡා කළ බව ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වලින් එනම්, කුණ්ඩසාලේ මධ්‍යස්ථානයෙන් තිදෙනෙක්, බූස්ස මධ්‍යස්ථානයෙන් 11 ක්, මුලතිව් මධ්‍යස්ථානයෙන් 203 ක් වශයෙන් 217 දෙනකු දින 14 ක නිරෝධායන කාලය නිම කිරීමෙන් අනතුරුව තවත් දින 14 ක ස්වයං නිරෝධායනයට උපදෙස් දෙමින්  (06) දින ඔවුන්ගේ නිවෙස් කරා මුදා හැරීමට කටයුතු කළ අතර ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වලින් 3,386 දෙනකු මේ වන විට නිවෙස් කරා මුදා හැරීමට කටයුතු කර ඇති බවත් මෙහි දී සදහන් විය.


    ත්‍රිවිධ හමුදාව මඟින් පවත්වාගෙන යනු ලබන මෙම නිරෝධායන මධ්‍යස්ථාන 40 අතරින් තුනක් ගුවන් හමුදාව විසින් ද, එක් මධ්‍යස්ථානයක් නාවික හමුදාව සතු වන අතර ඉතිරි 36 යුධ හමුදාව ව ඉසින් පවත්වාගෙන යනු ලබයි.
    මෙම නිරෝධායන මධ්‍යස්ථාන 40 හි 1,287 දෙනකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටි. 07 දිනයේ දී ද කණ්ඩායමක් දින 14 නිම වී තවත් දින 14 ක ස්වයං නිරෝධායනයට වෛද්‍ය උපදෙස් ලබා දෙමින් නිවෙස් කරා මුදා හැරීමට නියමිතයි.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya