අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෝවිඩ් 19 පාලනය කළ වහාම සංචාරක ව්‍යාපරය නැවත ගොඩනැංවීමට පියවර

    අප්‍රේල් 07, 2020

    කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් බිද වැටී ඇති සංචාරක ව්‍යාපරය නැවත ගොඩ නැංවීම සදහා දිගුකාලීන හා කෙටිකාලීන සැලසුම් සකස් කරමින් සිටින බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

    ඇමතිවරයා පෙන්වා දෙන්නේ රටතුල කොරෝනා වසංගතය පැතිර යාම පාලනය කළ වහාම රජය මේ පිළිබද ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

    කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පැතිරයාම හේතුවෙන් ලොව පුරා සංචාරක ව්‍යාපරය කඩා වැටී තිබේ.

    මේ නිසා ආර්ථිකයට සිදුව ඇති පාඩුව අතිමහත්ය. ශ්‍රී ලංකාවටද මේ තත්ත්වය දැඩි ලෙස බලපා තිබේ. රජය මේ මොහොතේ ප්‍රමුඛතාව ලබා දී ඇත්තේ මෙම කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පැතිර යාම වැලක්වීම සදහායි. එම මෙහෙයුම සාර්ථක වී වසංගතය මැඩ පැවැත්වූ වහාම මෙරට ආර්ථිකය ගොඩ නැංවීමේ මෙහෙයුම ආරම්භ කිරීමට රජය අපේක්ෂා කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි.

     

    එහිදී සංචාරක කර්මාන්තය නැවත නංවාලීම සදහාද විශේෂ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කෙරේ. අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයෙන්ද මෙරට සංචාරක ව්‍යාපාරය  සම්පූර්ණයෙන්ම කඩා වැටිනි. නමුත් වත්මන් රජය බලයට පත් වීමෙන් පසු සංචාරක කර්මාන්තය නංවාලීම සදහා විශේෂ පියවර රැසක් ගනු ලැබිනි. රටවල් 48 කට ලබා දී තිබූ වීසා නිදහස තවදුරටත් දීර්ඝ කිරීම, සංචාරක සංවර්ධන බද්ද අය කිරීම අත්හිටුවීම, හෝටල් හා වාහන හිමිකරුවන්ට සහන ලබා දීම එම පියවර වලින් කීපයකි. පාස්කු ප්‍රහාරය නිසා සංචාරකයන් රටට පැමිණීමේ අඩුවක් දක්නට ලැබුනද වත්මන් රජය බලයට පත්වීමේන් පසු එය යථා තත්ත්වයට පත් වෙමින් තිබිනි. කෙසේ වෙතත් ලෝකයේ කොරෝනා වසංගත ව්‍යාප්තියත් සමග සංචාරක ව්‍යාපාරය නැවතත් කඩා වැටීමකට ලක් වූ බව ඇමතිවරයා පෙන්වා දෙයි.


    ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙන්නේ රජය ඉතා හොදින් මේ තත්ත්වය වටහාගෙන ඇති බවයි. ඒ නිසා වත්මන් තත්ත්වය හමුවේ ආර්ථික වශයෙන් ගැටළුවලට මුහුණපා සිටින අයට රුපියල් 5000 දීමනාවක් ලබා දීමට රජය කටයුතු කලේ ඒ නිසා බවද ඔහු පෙන්වා දෙයි. සංචාරක ව්‍යාපාරය යලි නංවාලීම සදහා ගත යුතු දිගු කාලීන හා කෙටිකාලීන සැලසුම් හදුනාගෙන ඒවා කඩිනමින් ක්‍රියාත්මක කිරීම රජයේ අපේක්ෂාව බවද ඇමතිවරයා කියා සීටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya