මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉතාලි මඟී නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයා කොළඹ වරායට රැගෙන එයි

    අප්‍රේල් 06, 2020

    ඉතාලියේ එම්.එස්.සී මැග්නිෆිකා මගී නෞකාවේ සිටි, ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩල සාමාජික අනුර බණ්ඩාර හේරත් යන අය නාවික හමුදාව විසින් භාර ගෙන කොළඹ වරායට රැගෙන ඒමට කටයුතු කළ බව ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර මහතා සඳහන් කරයි.

     

    මෙම අය රැගෙන ඒමට නාවික හමුදා කණ්ඩායමක් උදැසන පිටත්ව ගොස් තිබුණි. මෙලෙස කොළඹ වරායට සුරක්ෂිතව රැගෙන ආ තැනැත්තා, පූර්ණ විෂබීජ හරණයකට යොමු කළේ ය.

    ඉතාලියේ එම්.එස්.සී මැග්නිෆිකා මගී නෞකාවේ සිටින ශ්‍රී ලාංකිකයා සම්බන්ධයෙන් අවධනය යොමු වීමෙන් අනතුරුව ජනාධිපතිතුමාගේ උපදෙස් මත නාවික හමුදාපතිතුමාගේ පූර්ණ මැදිහත්වීම අනුව මේ කටයුත්ත සිදු කල බවද කොවිඩ් 19 මැඩලීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ උපදෙස් පරිදි නවික හමුදාව කටයුතු කළ බවත් මෙම තැනැත්තා ඉතාමත් ආරක්ෂාකාරීව බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන යෑමට කටයුතු කරන බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya