අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැඩිහිටි, ආබාධිත හා වකුගඩු රෝගී දීමනා ගෙවීම - අප්‍රේල් මස 06 වැනි සඳුදා

    අප්‍රේල් 06, 2020

    කොරෝනා වයිරසයේ අවදානම හේතුවෙන් වැඩි ප්‍රමුඛතාවයක් ලබා දිය යුතු කණ්ඩායම් තුනක් වන වැඩිහිටි, ආබාධිත සහ වකුගඩු රෝගීන් සඳහා ගෙවීමට සැලසුම් කර ඇති දීමනා අප්‍රේල් මස 06 වැනි දින එනම් සඳුදා දින ප්‍රමුඛතාව ලබාදී සම්පූර්ණයෙන් ම ගෙවා නිම කිරීමට කටයුතු කරන බව රජය අවධාරණය කරයි.

     

     එහිදී දැනට ආබාධිත දීමනාව ලබන සහ පොරොත්තු ලේඛණ වල සිටින පුද්ගලයින් සියලුම දෙනා සදහා  (06) දිනයේ රුපියල් 5,000 බැගින් ආබාධිත දීමනාව නිවසටම ගොස් ගෙවීමට නියමිතය.

     

    එලෙසම දැනට දීමනාව ලබන සියලුම වකුගඩු රෝගීන් සදහා සහ පොරොත්තු ලේඛණවල සිටින සියළුම වකුගඩු රෝගීන් සදහා ද හෙට දිනයේ රුපියල් 5000 ක දීමනාව නිවසටම ගොස් ලබාදීමට රජය සියලු කටයුතු සුදානම් කොට ඇත.

     

    එලෙසම දැනට අප්‍රේල් මාසය සදහා රුපියල් 2000 ක වැඩිහිටි දීමනාව ගෙවා ඇති සියළුම වයස අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් සදහා තවත් රුපියල් 3000 ක අමතර මුදලක් හෙට (06) දිනයේ ලබාදීමට නියමිතය. ඒ අනුව එම අය සදහා ද රුපියල් 5000 ක සම්පූර්ණ දීමනාවක් අප්‍රේල් මාසය සදහා ලැබේ.

     

    තවද පොරොත්තු ලේඛණවල සිටින සියලුම වයස අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් සදහා ද වැඩිහිටි දීමනාව වන රුපියල් 5000 ක මුදල හෙට දිනයේ ගෙවනු ලැබේ.

     

    ඉහත සදහන් සියලු දීමනා හෙට (06) දිනය තුල දී ග්‍රාම නිලධාරී මහත්ම මහත්මීන් මගින් ප්‍රතිලාභීන්ගේ නිවසටම ගොස් ගෙවීමට රජය කටයුතු කරනු ඇත.

     

    එමෙන්ම, සමෘද්ධි දීමනාව ඇතුළු අනෙකුත් දීමනා ගෙවීමේ වැඩපිළිවෙල අප්‍රේල් මස 07 වන අඟහරුවාදා දින සිට ක්‍රියාත්මක කිරීමට සියළු කටයුතු සූදානම් කර ඇති බව රජය තවදුරටත් අවධාරණය කරයි.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya