අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිරෝධායන මධ්‍යස්ථාන වලින් 3,169 දෙනකු මේ වන විට නිවෙස් කරා මුදා හැරීමට කටයුතු කර තිබෙනවා

    අප්‍රේල් 06, 2020

    යුධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන යාපනය සහ කුණ්ඩසාලේ නිරෝධායන මධ්‍යස්ථාන වලින් 279 දෙනකු දින 14 ක නිරෝධායන කාලය නිම කිරීමෙන් අනතුරුව තවත් දින 14 ක ස්වයං නිරෝධායනයට උපදෙස් දෙමින්  ඔවුන්ගේ නිවෙස් කරා මුදා හැරීමට කටයුතු කළ අතර, ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වලින් 3,169 දෙනකු මේ වන විට නිවෙස් කරා මුදා හැරීමට කටයුතු කර ඇති බවත්, යුද්ධ හමුදාපති ලුතිනල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා  COVID - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනයේ දී ප්‍රකාශ කර සිටියේය.

    අකුරණ සහ අටළුගම තවදුරටත් හුදෙකලා නගර ලෙස පවත්වාගෙන යනු ලබන බවත් සඳහන් කර සිටි යුධ හමුදාපතිවරයා විසින් අකුරණ ප්‍රදේශයේ පදිංචිව සිටි ඉන්දියාවේ සිට මෙරටට පැමිණ සිටි පුද්ගලයෙකුට වෛරසය අසාදනය වීමෙන් ඔහු ළඟින්ම ඇසුරු කළ 144 දෙනකුත්, පන්නිපිටිය ප්‍රදේශයෙන් සොයාගත් වෛරස අසාදිත පුද්ගලයෙකු ළඟින් ඇසුරු කළ පුද්ගලයින් 45 දෙනකුත්, පුනානි නිරෝධායන මධ්‍යස්තානය වෙත රැගෙන යාමට කටයුතු කළ බව ද ප්‍රකාශ කර සිටියේය.

    ගල්කිස්ස ප්‍රදේශයෙන් වෛරස අසාදිත පුද්ගලයා ඇසුරු කළ අයවලුන් 34 දෙනකු රත්මලාන ප්‍රදේශයෙන් ද, 21 දෙනකු ඔරුගොඩවත්ත ප්‍රදේශයෙන් ද, ආසාදනයට ලක් වූවන් සමීපව ඇසුරු කළ අයවළුන් තවත් පුද්ගලයින් 55 දෙනකු ද පුනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට කටයුතු කර ඇත.

    කරාපිටිය ප්‍රදේශයේ එක්තරා පුද්ගලයෙකු දින 14 නිරෝධායනය කර තවත් දින 14 ක ස්වයං නිරෝධායනයට දින නියම කර තිබිය දී එසේ නොකර දින 07 කින් කටයුතු කර ඇති අතර ඔහුට වෛරසය අසාදිත වී ඇති අතර ඔහු ඇසුරු කළ පුද්ගලයින් 08 දෙනකු සහ අකුරැස්ස ප්‍රදේශයෙන් 09 දෙනකු ද මේ වන විට දියතලාව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කොට ඇති බවත් යුධ හමුදාපතිවරයා නිවේදනය කොට සිටියේය.

    පිළියන්දලින් සොයාගත් වෛරස අසාදිත පුද්ගලයා සමීපව ඇසුරු කළ පිළියන්දල ප්‍රදේශයෙන් 06 දෙනකු සහ අකුරණ ප්‍රදේශයෙන් සමීපව ඇසුරු කළ මහියංගනය ප්‍රදේශයේ පුද්ගලයින් 17 දෙනකු ද පුනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කොට ඇත. 06 දිනයේ දී ද 217 දෙනකු දින 14 නිම වී තවත් දින 14 ක ස්වයං නිරෝධායනයට වෛද්‍ය උපදෙස් ලබා දෙමින් නිවෙස් කරා මුදා හැරීමට නියමිතයි.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya