අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොරෝනාවට කොටුවී නිවාසවල සිටින ජනතාවගේ මානසික සුවයට යුද හමුදාවෙන් වැඩසටහනක්

    අප්‍රේල් 05, 2020

    කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැලැක්වීමට පනවා ඇති ඇදිරි නීතිය පැනවීම හේතුවෙන් නිවෙස්වල කොටු වී සිටින ජනතාවගේ මානසික සුවතාවය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාව ඇතුළු නාවික ,ගුවන් හමුදාව සහ පොලීසිය විසින් සංගීත සංදර්ශන පවත්වමින් විශේෂ මානසික සුවතාවය ලබාදෙන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව යුද හමුදාපති,ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    විශේෂයෙන් මහල් නිවාසවල සිටින ජනතාවට එළියට පැමිණීමට ඉඩක් නොලැබේ බවත් ඔවුන් වෙන් ද මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක වෙයි. අද (5) බම්බලපිටිය හැවලොක් ටවුන් හි මහල් නිවාස සඳහා යුද හමුදාව විසින් තූර්ය වාදක ප්‍රදර්ශනයක් පැවැත්වීමට නියමිතය.

    එමෙන් ම සවස රාජගිරිය ප්‍රදේශයේ ද මෙවැනි ම සංගීත සන්ද්‍යාවක් පැවැත්වෙයි. මහල් නිවාසවලම සිට මෙය නැරඹීමට කටයුතු කරන ලෙස යුද හමුදාපතිවරයා ඉල්ලීමක් කරයි. මානුෂීය හමුදාවක් ලෙස අවශ්‍ය වන්නේ රටේ ජනතාව මෙම කොරෝනා වෛරසයෙන් ජනතාව බේරාගැනීම බවත් ඒ සඳහා යුද හමුදාව කැපවී සිටින බවත් යුද හමුදාපතිවරයා පැවසීය.

    අද (05) උදෑසන මධ්‍ය වෙත අඳහස් දක්වමින් මේ බව සඳහන් කළේ ය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya