අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිරෝධායන මධ්‍යස්ථානවලින් 2598 දෙනකු මේ වන විට නිවෙස් කරා මුදා හැරීමට කටයුතු කළා

    අප්‍රේල් 04, 2020

    ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වලින් 06 කින් 288 දෙනකු දින 14 ක නිරෝධායන කාලය නිම කිරීමෙන් අනතුරුව නිවෙස් කරා මුදා හැරීමට කටයුතු කළ අතර, ඒ අතර භික්ෂූන් 09 දෙනකු ද සිටින බවත්, ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලැබූ නිරෝධායන මධ්‍යස්ථාන වලින් 2598 දෙනකු මේ වන විට නිවෙස් කරා මුදා හැරීමට කටයුතු කර ඇති බවත්, යුධ හමුදාපති ලුතිනල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා COVID - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනයේ දී ඊයේ (03) නිවේදනය කර සිටියේය.

    අප්‍රේල් (01) දා මීගමුව ප්‍රදේශයේ මිය ගිය වෛරසය අසාදිත පුද්ගලයා ඇසුරු කළ අයවලුන් සහ ඔවුන් ඇසුරු කළ තවත් අයවළුන් පිළිබඳව සෞඛ්‍ය අංශයේ බළධාරීන්ගේ උපදෙස් මත ලබා ගත් බුද්ධි අංශ තොරතුරු වලට අනුව හඳුනාගත් 302 ක් සහ එම පුද්ගලයින් ඇසුරු කළ තවත් පුද්ගලයින් 12 ක් ඔවුන්ගේ සහ අනිත් අයවලුන්ගේ යහපත උදෙසා පුනානි නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කරන බව ද මෙහි දී ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේය.


    ඒ අනුව, නිරෝධායන මධ්‍යස්ථාන 40 ක් තුළ 1,741 ක් තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින අතර  අද (04) දිනයේ දී නිරෝධායන මධ්‍යස්ථාන 04 කින් 155දෙනකු ද තම නිවෙස් කරා යාමට නියමිතයි.
    අද දියේ දී ද ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා විශ්‍රාම වැටුප ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් යුෂ හමුදාව විසින් සිදු කරනු ලැබූ බව ද මෙහි දී යුධ හමුදාපතිවරයා විසින් සඳහන් කර සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya