මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    312 කට අසන්න පිරිසක් නිරෝධායනය අවසන් කර අද නිවෙස් වෙත යෑමට නියමිතයි

    අප්‍රේල් 03, 2020

    පසුගිය දින දෙක තුළ බේරුවල ප්‍රදේශයෙන් සොයා ගන්නා ලද COVID-19 අසාදිත පුද්ගලයින්සඳහා යම් ක්‍රියාමාර්ගයන් අනුගමනය කිරීමට සිදු වූ බවත්, ඒ අනුව බුද්ධි අංශ තොරතුරු වලට අනුව සෞඛ්‍ය අංශයේ බළධාරීන්ගේ උපදෙස් මත එකී අසාදිත පුද්ගලයින් ඇසුරු කළ පුද්ගලයින් 226 දෙනකු එම ප්‍රදේශයේ අනිකුත් පුද්ගලයින්ගේ ආරක්ෂාව පිණිස නිරෝධායනය සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන පුනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට කටයුතු කළ බවත් යුද්ධ හමුදාපති ලුතිනල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා COVID - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනයේ දී ප්‍රකාශ කර සිටියේය.

     

    එමෙන්ම, පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයේ පසුගිය දින තුනක් තුළ නිරෝධායන කටයුතු වල නියැලෙමින් සිටින අතරතුර (01) දිනයේ දී ද තවත් 30 දෙනකු එම නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට කටයුතු කරනු ලැබ ඇත. ඒ අනුවම, නිරෝධායන මධ්‍යස්ථාන 40 ක් තුළ 1,683 ක් තවදුරටත් නිරෝධායනය වෙමින් සිටී.

    (01)දිනයේ මීගමුව ප්‍රදේශයේ මිය ගිය වෛරසය අසාදිත පුද්ගලයා ඇසුරු කළ අයවලුන් සහ ඔවුන් ඇසුරු කළ තවත් අයවළුන් පිළිබඳව සෞඛ්‍ය අංශයේ බළධාරීන්ගේ උපදෙස් මත ලබා ගත් බුද්ධි අංශ තොරතුරු වලට අනුව හඳුනාගත් 300 ට අධික පිරිසක් ඔවුන්ගේ සහ අනිත් අයවලුන්ගේ යහපත උදෙසා පුනානි නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කරන බව ද මෙහි දී ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේය.

     

    යුධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන දියතලාව, රන්ටැඹේ, පොම්පෙමඩු නිරෝධායන මධ්‍යස්ථාන වලින් 187 දෙනකු දින 14 ක නිරෝධායන කාලය නිම කිරීමෙන් අනතුරුව නිවෙස් කරා මුදා හැරීමට කටයුතු කළ අතර, ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලැබූ නිරෝධායන මධ්‍යස්ථාන වලින් 2,308 දෙනකු මේ වන විට නිවෙස් කරා මුදා හැරීමට කටයුතු කර ඇති බවත්, රවල් 15 ක විදේශිකයින් 31 දෙනකු ද තම නිරෝධායන කටයුතු නිම වී පිටත් වීමට කටයුතු කර ඇති බවත් මෙහි දී නිවේදනය කර සිටියේය. ඒ අනුව, 312 කට අසන්න ප්‍රමාණයක් (03) දිනයේ දී ද නිවෙස් කරා යාමට නියමිතයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya