මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පවතින තත්ත්වය හමුවේ ලෝක ආර්ථික විශේෂඥයින්ගෙන් සමන්විත සමුළුවක් කැඳවීමට ද කැබිනට් මණ්ඩලයේ දී යොජනාවක්- අමාත්‍ය බන්දුල ගුණවර්ධන

    අප්‍රේල් 02, 2020

    රාජ්‍ය සේවකයින් හැරුණු කොට අනෙකුත් සමස්ත ජනතාව ආවරණය වන පරිදි ලක්‍ෂ 40 කටත් වැඩි පිරිසකට මෙම අවස්ථාවේ දී මුල්‍යමය වශයෙන් උපරිම සහනය ලබා දීමට විශේෂ කැබිනට් පත්‍රිකාව පිළිබඳ ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කර ඇති බව සම කැබිනට් ප්‍රකාශක,අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මේ බව ප්‍රකාශ කර සිටියේය.

     

    මෙරට පවත්නා කොරෝනා වෛරස වසංගත තත්ත්වය ඉදිරි සති දෙකක කාලය තුළ භයානක මට්ටමකට ළඟා විය හැකි බවට මෙරට සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවා ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානින් හරහා අප වැනි රටවල් වලට මුහුණ දීමට සිදු ව ඇති තත්ත්වයන් මත ණය වාරික ගෙවීම කල් දැමීමට හෝ ප්‍රතිසැකසුම් කිරීමට ලෝකයේ බලවත් මුල්‍ය ආයතන වලින් ඉල්ලා සිටීමේ යෝජනාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට ඉදිරිපත් කර ඇති බවත්, දෙවන ලෝක සංග්‍රාමයෙන් පසුව ඇති වූ මෙම තත්ත්වය හමුවේ උද්ගතව ඇති දැවැන්තම ආර්ථික අර්බුදය හමුවේ තනිව විසඳුම් සොයා ගැනීමට නොහැකි හෙයින් ඒ සඳහා ලෝක ආර්ථික විශේෂඥයින්ගෙන් සමන්විත සමුළුවක් කැඳවීමට ද කැබිනට් මණ්ඩලයේ දී ජනාධිපතිතුමා වෙත යෝජනා කළ බව ද මෙහි දී සඳහන් කෙරිණි.

     

    ඒ අනුව, රාජ්‍ය සේවකයින් හැරුණු කොට අනෙකුත් සමස්ත ජනතාව ආවරණය වන පරිදි ව්‍යාපාරික ප්‍රජාවට, විශ්‍රාමිකයින්ට, වැඩිහිටියන්ට, අබාධිත පුද්ගලයින්ට, ළමා ආරක්ෂක අංශ යටතේ පසුවෙන දරුවන්ට, විශේෂ අවශ්‍යතා ඇති අයවලුන්ට, ස්වයං රැකියා වල නියුතු වූවන්ට, සමෘද්ධි ලාභීන්ට, සමෘද්ධි ව්‍යාපාරයට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ට, වැනි ලක්‍ෂ 40 කටත් වැඩි පිරිසකට මෙම අවස්ථාවේ දී මුල්‍යමය වශයෙන් උපරිම සහනය ලබා දීම සඳහා අවම වශයෙන් ජීවත් වීමට අවශ්‍ය වන සේ අවම රුපියල් 5,000 ක දීමනාවක් ලබා දීම සඳහා වන විශේෂ කැබිනට් පත්‍රිකාව පිලිබඳ ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කර ඇති බවත් මෙහි දී සඳහන් විය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya