මැයි 30, 2020
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වැඩසටහන් රැසක්- අ.පො.ස.උසස් පෙළ විභාගය කල් දමන්නේ නෑ- අධ්‍යාපන අමාත්‍ය

    අප්‍රේල් 01, 2020

     අ.පො.ස.(සා.පෙළ) විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් 31 දිනට පෙර නිකුත් කරන බවත්,අ.පො.ස(උ.පෙළ) විභාගය කිසිසේත් ම කල් දැමීමට විභාග දෙපාර්තමේතුව හා අධ්‍යාපන අමාත්‍යාශය තීරණය කර නොමැති බව අධ්‍යපන ඇමති ඩලස් අලහප්පෙරුම මහතා අද (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් කීය.

     

     වැඩිදුරටත් අදහස් දැක් වු ඒ මහතා,රටේ උද්ගත වි ඇති මෙම වසංගත තත්ත්වය අප්‍රේල් මස 20 වන දින පාසල් ආරම්භ කිරිම නිශ්චිතව කිව නොහැකි බව කීය. මේ හේතුවෙන් Self Learning හා E -Learning හෙවත් ස්වයං අධ්‍යාපනය හා විද්‍යුත් අධ්‍යාපනය යන නවීන තාක්ෂණික ක්‍රමවේදයන් හඳුන්වා දෙන බවත් ඒවා භාවිත කළ හැකි බව ද පැවසීය.


    මේ වන විට පාසල් නිවාඩුව ලබා දී දින 19 වන අතර පාසල් හා පෙර පාසල් ළමුන් මිලියන 5.5 ප්‍රමාණයක් මේ වන විට නිවසට වී සිටින බව කීය. නිකරුනේ කාලය ගත කරන හෙයින් අප්‍රේල් මස 20 වන දින සිට ජාතික රුපවාහිනියේ එයෙ නාලිකාව හා නේත්‍රා නාලිකාව ඔස්සේ සිංහල හා දෙමළ භාෂාවෙන් අධ්‍යාපනික වැඩසටහන් ප්‍රචාරය කිරිමට ජනාධිපතුමා හා කැබ්නට් මණ්ඩලය අද(01)අනමැතිය ලබා දුන් බව ද පවසා සිටියේ ය

     

     

     

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya