අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලියාපදිංචි නොවූ අයට එරෙහිව නිරෝධායන නීති මෙන්ම රටේ අපරාධ නිතිය යටතේ ඉතා දැඩි ක්‍රියාමර්ග ගන්නවා

    අප්‍රේල් 01, 2020

    කොළඹ නගරයට ඇතුළ්වන ස්ථාන 16 ආවරණය වන පරිදි (31)දිනයේ සිට මාර්ග බාධක 16 ක් යෙදවීමටත්, ඒ සඳහා විශේෂ කාර්යය බළකාය යෙදවීමටත් කටයුතු කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

     

    මාර්තු 16 වෙනිදායින් පසුව ලොව කුමන රටක හෝ සිට පැමිණ ස්වයං නිරෝධායන ක්‍රියාවලිය සඳහා වහාම ලියාපදිංචි වන ලෙසත්, ඒ සඳහා තවමත් ලියාපදිංචි නොවූ අයවළුන් සිටිනම් (01) දහවල් 12.00 වන තෙක්  කාලයක් ලබා දී ඇතැයි ද, එසේ නොවුණහොත් නිරෝධායන නීතින් මෙන්ම රටේ අපරාධ නිතිය යටතේ ඉතා දැඩිව ක්‍රියාකිරීමට ශ්‍රී ලංකා පොලිසියට සිදු වන බවත්, ඔවුන් සිටින වාසස්ථාන මුද්‍රා තැබීමටත් සිදු වන බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දැනුම් දී සිටි.

     

    ලියාපදිංචිය සඳහා 119 හෝ ළඟම ඇති පොලිස් ස්ථානය අමතන ලෙස ද නව දුරකථන අංකයක් ද ඒ වෙනුවෙන් විවෘත වන බවත් 1933 දුරකථන අංකය අමතා තවමත් ලියාපදිංචි වී නොමැති නම් ලිපදිංචි විය හැකි බවත්, හෙට දිනයෙන් පසුව ආගමන විගමන පාලකවරයාගෙන් ලබා ගන්නා තොරතුරු අනුව එලෙස ලියාපදිංචි නොවුණු පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා වැටලීම් සිදු කරන බවත් අජිත් රෝහණ මහතා සඳහන් කර සිටියේය.

     

    වැඩබලන පොලිසප්තිවරයාගේ නියෝගයකට අනුව, කොළඹ නගරය සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවූ බව මෙහි දී සඳහන් විය. කොළඹ නගරය තුළ අත්‍යවශ්‍ය සේවා තවදුරටත් ක්‍රියාත්මක වන අතර කොළඹ නගරය තුළ වෛරසය ව්‍යාප්ත වීම වැලැක්වීම සඳහා කොළඹ නගරයට ඇතුල් වන ස්ථාන 16 ආවරණය වන පරිදි (31) දිනයේ සිට මාර්ග බාධක 16 ක් යෙදවීමටත්, ඒ සඳහා විශේෂ කාර්යය බළකාය යෙදවීමටත් කටයුතු කර ඇති බව අජිත් රෝහණ මහතා මෙහි දී ප්‍රකාශ කර සිටියේය.

     

    ඒ අනුව, මිගමුව ප්‍රදේශයෙන්, පෑලියගොඩ, ඔරුගොඩවත්ත, දෙමටගොඩ, බොරැල්ල, හයිලෙවල් පාර, පාමංකඩ ගාලු පාර ආශ්‍රිතව මෙම ,මාර්ගබාධක ක්‍රියාත්මකයි. කොළඹ නගරයට ඇතුල් වීමේ දී බලපත්‍ර මෙන්ම විශේෂ පරික්ෂාවකට ලක් කෙරෙන බවත් ඒ සඳහා පුද්ගලයින්ගේ උපරිම සහයෝග ද අවශ්‍ය වන බවත් මෙහි දී සඳහන් කෙරිණි.

    අද උදැසන 6.00 සිට දහවල් 12.00 කාලය තුළ පැය 06 ක් තුළ ඇදිරිනීතිය බලපත්‍ර උල්ලංඝණය කරමින්/ව්‍යාජ ලෙස භාවිත කරමින්/බලපත්‍ර රහිතව ගමන් කරමින් ඇදිරිනීතිය පවතින කාලය තුළ පුද්ගලයින් 261 ක් අත්අඩංගුවට ගත් බවත්, අධිකරණ සේවා කොමිෂන් සභාව නියම කර ඇති දිනවල දී පැවැත්වෙන අධිකරණ කටයුතු වලට නීතිඥයින් හට වෘත්තිමය ඇදුමෙන් යාමට සහ ආපසු ඒමටත් හැකි අතර ඔවුන්ගේ හැඳුනුම්පත ඒ සඳහා භාවිතා කිරීමට අවසර ලබා දී ඇති බවත් අජිත් රෝහණ මහතා නිවේදනය කර සිටියේය.


    යම් කිසි පුද්ගලයෙකුට රෝගය පිලිබඳ සැකයක් හෝ ප්‍රතිකාර ලබා ගැනීමට හෝ අවශ්‍ය නම් රෝහලකට නොගොස් නිවසේ රැඳී සිට අදාළ සෞඛ්‍ය බළධාරීන් දැනුවත් කරන ලෙසත්, එසේ නොකර ද්වේශ සහගත ලෙස රෝගය පැතිරීම වැළක්වීමට කටයුතු නොකරන ලෙසත්, එය නීතිය ඉදිරියේ මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීම යටතේ වරදක්වන බවත්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කර සිටියේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya