අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොරෝනා ආසාදනයට ලක් වූ ඊයේ හමු වූ පුද්ගලයන් සංඛ්‍යාව 21 දක්වා ඉහළ ගියා

    අප්‍රේල් 01, 2020

    කොරෝනා ආසාදනයට ලක් වූ සංඛ්‍යාව ඊයේ රාත්‍රී වනවිට 21 දක්වා ඉහළ ගිය බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (01) උදෑසන මාධ්‍ය වෙත අඳහස් දක්වමින් පැවසීය.

    ඊයේ දින ආසාදනයට ලක් වූ 10ක් පුත්තලමේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක දීම සොයාගැනීමට හැකි වූ බවත් යුද හමුදාව සුදුසු අවස්ථාවේ දී ගත් පියවර නිසා මෙම හඳුනාගැනීමට හැකි වූ බව යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

    සහිරා විද්‍යාලයේ පවත්වාගෙන යන නිරෝධයන මධ්‍යස්තානයේ දී 88ක් නිරෝධායනයට ලක් කරන බවත් සඳහන් කළේ ය. අටළුගමෙන් තුනක් හඳුනගත් බවත් සංචාරක මඟ පෙන්වන්නාගේ බිරිඳ ද හඳුනාගත් බවත් සඳහන් කළ යුද හමුදාපතිවරයා, මේ වනවිට බේරුවල ප්‍රදේශයේ යම් සීමා කිරීමක් සිදු කර තිබෙන බවත් එම ප්‍රදේශයේ ජනතාව ලබාදෙන සහයෝගය අනුව ඒ පිළිබඳව ඉදිරි පියවර ගනු ලබන බවත් මේ වනවිටත් තවත් පුද්ගලයන් 43ක් මඩකළපුව ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත ගෙන යමින් සිටින බවත් යුද හමුදාපතිවරයා සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya