මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෛද්‍ය පර්යේෂණ ආයතනයේ කටයුතු සෞඛ්‍ය අමාත්‍යවරියගේ නිරීක්ෂණයට

    මාර්තු 31, 2020

    කොරෝනා වෛරසය පරීක්ෂාවට ලක් කරන දිවයිනේ ප්‍රධානතම ආයතනය වන බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ (MRI) කටයුතු සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ නිරීක්ෂණයට ලක් විය. ඒ ඊයේ (30) දින අමාත්‍යවරිය වෛද්‍ය පර්යේෂණ ආයතනයට පැමිණි අවස්ථාවේදීය.

     

    මෙහිදී වෛද්‍ය පර්යේෂණ ආයතනයේ කටයුතු පිළිබඳ එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා විසින් කරුණු ඉදිරිපත් කරන ලදී.

    ඒ අනුව දිනකට සිදුකරනු ලබන පරීක්ෂණ සංඛ්‍යාව 100 පමණ වේ.මෙම පරීක්ෂණ කටයුතු දිනකට වාර 03 කදී සිදුකරනු ලබයි. මේ පරීක්ෂණ කටයුතු වැඩමුර ක්‍රමය යොදාගනිමින් සිදුකරනු ලබන අතර ඒ සඳහා රසායනාගාර කාර්මික විද්‍යාඥයින් 12 ගේ සේවය ලබාගනු ලබයි.

    මෙම පරීක්ෂණ වලින් ගනු ලබන වාර්තා වෛරස් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනෙකුගේ (03) අධීක්ෂණය යටතේ සිදුකොට සහතික කර අදාළ රෝහල් වෙත ක්ෂණිකව ලබා දීම සිදුකරනු ලබයි.

    එමෙන්ම පරීක්ෂණ කටයුතු වලින් පසු එක් රැස්වන අපද්‍රව්‍ය විෂබීජහරණයකට ලක්කොට විනාශකිරීමට නවීන (Incinirater) යන්ත්‍රයක් ද සවිකර ඇති බව මෙහිදී හෙලිවිය.

    මෙම නිරීක්ෂණ කටයුතු සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාද සහභාගී විය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya