අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තවදුරටත් රෝග පාලනය වෙනුවෙන් ගෙන යන සටනට මෙරට ජනතාව එකාවන්ව කටයුතු කළ යුතුයි

    මාර්තු 31, 2020

    රට මුහුණ පා ඇති තත්ත්වය හමුවේ අනිකුත් රටවල් හා සසඳා බලන කළ ඉතාමත් හොදින් රෝග පාලනයට මෙරට කටයුතු කර ඇති අතර තවදුරටත් රෝග පාලනය වෙනුවෙන් ගෙන යන සටන සඳහා මෙරට ජනතාව එක්ව එකාවන්ව කටයුතු කළ යුතු බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊයේ (30) COVID – 19 පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියාය.

    පවත්නා අඩුලුහුඩු කම් මධ්‍යයේ වුව ද ඒවා ඉවසමින් මෙරට ජනතාව සහාය තවදුරටත් ලබා දීමෙන් ලොව දියුණු රජ්‍යන් වැටි ඇති තත්වයට පත් නොවී මෙරට ගොඩගැනීමට හැකි වනු ඇති බවත්, කියා සිටි අමාත්‍යවරිය, ස්වයං නිරෝධායනයට ලක් වන්නේනම් හෝ පිටරටක සිට පැමිණියේ නම් වහාම නිවෙසේ සාමාජිකයින්ගෙන් ද ඈත් ව කටයුතු කරන ලෙස පැවසීය. ඊට හේතුව වුයේ එකම පවුලක සාමාජිකයින් 05 දෙනකු ආසාදිතයින් ලෙස සොයා ගැනීමත් ඔවුන අතර මාස 04 ක කුඩා දරුවෙකු ද ඇතුළත් වන නිසාත් බව අමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියාය.

    ශ්‍රී ලංකාවේ අරමුණ වන්නේ ජනතාව ආරක්ෂා කර ගැනීම බවත්, ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි ඉහළම ක්‍රියාමාර්ග ගනු ලැබූ එකම රට ශ්‍රී ලංකාව බවත් කියා සිටි ඒ මහත්මිය වැඩිදුරටත් කියා සිටියේ මෙකි ක්‍රියාමාර්ග සඳහා මෙරට ජනතාව වඩා සහයෝගයක් රජයට ලබා දිය යුතු බවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya