අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාර්තු 10 වෙනිදායින් පසුව ලොව කුමන රටක සිට පැමිණියත් වහාම ලියාපදිංචි වන්න - 119 හෝ 1933 දුරකථන අංකය අමතන්න

    මාර්තු 30, 2020

    පුත්තලම-කඩයන්කුලම, බණ්ඩාරගම-අටළුගම, අකුරණ-තෙලඹුගහවත්ත යන ග්‍රාමයන් හි දී covid-19 ආසාදිතයින් හමුවීමත් සමඟ කරනු ලැබූ විමර්ශන වල දී තහවුරු වුයේ එම පුද්ගලයින් ලංකාවට විදේශයන් හි සිට පැමිණි බවත්, ඔවුන් ස්වයං නිරෝධායන ක්‍රියාවලිය සඳහා ලියාපදිංචි නොමැති බවත්  නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඊයේ (29) COVID – 19 පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී ප්‍රකාශ කර සිටියේය.

    ඒ අනුව, මාර්තු 10 වෙනිදායින් පසුව ලොව කුමන රටක හෝ සිට පැමිණියත් ස්වයං නිරෝධායන ක්‍රියාවලිය සඳහා වහාම ලියාපදිංචි වන ලෙසත්, එසේ නොවුණහොත් නිරෝධායන නීතින් මෙන්ම රටේ අපරාධ නිතිය යටතේ ඉතා දැඩිව ක්‍රියාකිරීමට ශ්‍රී ලංකා පොලිසියට සිදු වන බව අජිත් රෝහණ මහතා තරයේ මහජනතාවට දැනුම් දී සිටි.

     

    ලියාපදිංචිය සඳහා 119 හෝ ළඟම ඇති පොලිස් ස්ථානය අමතන ලෙස ද අද (29) සිට නව දුරකථන අංකයක් ද ඒ වෙනුවෙන් විවෘත වන බවත් 1933 දුරකථන අංකය අමතා තවමත් ලියාපදිංචි වී නොමැති නම් ලිපදිංචි විය හැකි බවත්, එලෙස ස්වයං නිරෝධායනයට ලක් නොවූ ඉහත කී ගම්මාන සම්පුර්ණයෙන්ම වසා තැබීමකට සිදුව ඇති බවත්, එලෙස නොකරන පුද්ගලයින්ගේ දේපොළ පොලීසිය භාරයට ගනු ලබන බවත්, එම දේපොළ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටත්, පුද්ගලයින්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමට සහ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටත් කටයුතු කරන බව ද මෙහි දී දැඩිව මහජනතාවට අවධාරණය කර සිටියේය.

    පුත්තලම-කඩයන්කුලම, බණ්ඩාරගම-අටළුගම, අකුරණ-තෙලඹුගහවත්ත යන ග්‍රාමයන්ට යම් යම් සෞඛ්‍ය බලධාරීන්ගේ ඉල්ලීම මත නිර්ණායක පනවා ඇති බවත්, එම නිර්ණායක වලට පටහැනිව එම ගම්මාන වල පුද්ගලයින් කටයුතු කරන්නේ නම් ඔවුන්ට එරෙහි ව ද නිරෝධායන නීතින් අනුව කටයුතු කරන බව ද මෙහි දී දැනුම් දී සිටී.

    එමෙන්ම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අසත්‍ය ප්‍රචාර, ජනතාව කැළඹෙන ආකාරයේ අසත්‍ය ප්‍රචාර හුවමාරු කර ගැනීමෙන් වළකින ලෙසත්, එලෙස ක්‍රියාකරන්නන්ට එරෙහි ව නිතිය දැඩිව ක්‍රියාත්මක කරනු ලබන බවත් වැඩිදුරටත් මෙහි දී සඳහන් කර සිටියේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya