මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇදිරි නීතිය ඉවත් කළ කාලය තුළ සියලු වෙලඳ සැල් විවෘත කර මහජනතාවට පහසුවන ආකාරයට බඩු බාහිරාදිය ලබාදෙන්න

    මාර්තු 29, 2020

    ඇදිරි නීතිය ආවභාවිතා නොකර තමන්ට අවශ්‍ය භාණ්ඩ ලබාගන්න ලෙසත් ඇදිරි නීතිය ඉවත් කර තිබෙන කාලසීමාව තුළ වෙළඳ සැල් සියල්ල විවෘත කර සියලු බඩු බාහිරාදිය ජනතාවට  ලබාදීමට කටයුතු කරන ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලා සිටියි.

     

    හෙට (30) දින ඇදිරි නීතිය ඉවත් කෙරෙන ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් විශේෂ දැනුම් දීමක් සිදු කරමින් හමුදාපතිවරයා මේ බව සඳහන් කරයි.

     

    හෙට(30) දින ඇදිරි නීතිය ඉවත් කෙරෙන ප්‍රදේශවල ජනතාවගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා, අත්‍යාවශ්‍ය ආහාර පාන බදු තිබෙන වෙළඳ සැල් හිමියන්ගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා, එම වෙළඳ සැල් සියල්ලම ඇදිරි නීතිය ඉවත් කර තිබෙන කාලසීමාව තුළ විවෘත කරලා, මහජනතාවට පහසු වන ආකාරයට බඩු බාහිරාදිය ලබාදෙන්නට කටයුතු කරන්න කියලා.

    වෙළඳ සැලේ පාරොභෝගිකයන්ට අවශ්‍ය බඩු බහිරාදිය තිබෙනවා නම්, ඒ සියලු බඩු බාහිරාදිය ජනතාවට ලබාදීමට කටයුතු කරන්න කියලා ඉල්ලාසිටිනවා. මහජනතාව තමන්ගේ කඩයට ඇතුළත් කර ගැනීමේ දී සමාජ දුරස්ථභාවය රඳවාගෙන ඇතුළට ගන්න කියලා ඉල්ලා සිටිනවා.

    මහජනතාවගෙන් ඉතා කාරුණිව ඉල්ලා සිටිනවා,එකම කඩයකට එක් රැස්වෙන්නේ නැතුව, කඩවල්වලට බෙදිලා ගිහිල්ලා,හැකිතාක් ශාරීරික දුරස්ථභවය රදවාගෙන තමන්ට අවශ්‍ය බඩු  ලබාගන්නා ලෙස ඉල්ලා සිටිනවා

    කොරෝනා වෛරසය ඉතාම භායනකයි. ඇදිරි නීතිය ආවභාවිතා නොකර තමන්ට අවශ්‍ය භාණ්ඩ ලබාගන්න කියා ඉල්ලා සිටිනවා. තමන් රැකෙන්න තමන් ම කටයුතු කරන්න. තවත්  පුද්ගලයෙක් ට ආසාදනය නොවන ලෙස කටයුතු කරන්න. සියලු කඩ ඇරල මහජනතාවට බඩු  විකිණීමට කටයුතු කරන්න යැයි ද හමුදාපතිවරයා පැවසීය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya