අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතාවගේ සමාජ දුරස්ථභාවය අවම කිරීම රජය විසින් කරනු ලබන ක්‍රියාවලින් සඳහා ජනතාව සහයෝගය දැක විය යුතුයි

    මාර්තු 29, 2020

    ජනාධිපතිතුමාගේ උපදෙස් මත රජයේ රෝහල් වල සායන වලට සහභාගී වන රෝගීන්ට අවශ්‍ය බෙහෙත් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව මඟින් නිවසටම භාර දීමේ වැඩපිළිවෙලක් රජය මඟින් ක්‍රියාත්මක කරනු ලබන බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය (28) COVID – 19 පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියාය.

     

    එලෙස බෙහෙත් ලබා ගැනීමේ දී යම් ප්‍රමාදයක් සිදු වුවහොත් තමන් බෙහෙත් ගන්නා රෝහල් වලට දැනුම් දීමට හැකි බවත්, සායනික අංකය අදාළ තොරතුරු එම රෝහලට ලබා දීම මඟින් අදාළ අතපසුවීම් පිලිබඳ තොරතුරු ලබා ගත හැකි බවත්, ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවිකාව හෝ මහජන පරීක්ෂකවරයාගෙන් අදාළ රෝහලේ දුරකථන අංක ලබා ගත හැකි බවත් අමාත්‍යවරිය මෙහි දී ප්‍රකාශ කර සිටියාය.

     

    ඒ අනුව, පෞද්ගලික ඔසුහල් වලින් බෙහෙත් ගන්නා රෝගීන් ට එම බෙහෙත් ලබා ගැනීමේ දී එම ඔසුසල් viber හෝ whatsup හෝ imo හරහා බෙහෙත් තුණ්ඩුවේ ඡායාරූපයක් යැවීමට කටයුතු කිරීම මඟින් නිවෙසටම බෙහෙත් ලබා ගත හැකි බවත්, 900 ක පමණ ඔසුසල් දිවයින පුරා විවෘත වන බවත්, එලෙස ඔසුසල් විවෘත වන්නේ ඔබේ නිවෙසට බෙහෙත් ලබා දීම සඳහා පමණක් බවත් මෙහි දී අමාත්‍යවරිය අවධාරණය කර සිටියාය.


    ජනතාවගේ සමාජ දුරස්ථභාවය අවම කිරීම අරමුණු කරගනිමින් රජය විසින් කරනු ලබන මෙම ක්‍රියාවලින් සඳහා ජනතාව සහයෝගය දැක විය යුතු බවත්, පිරිසිදුව, වගකීමක් සහිතව සෞඛ්‍ය නිළධාරීන් මෙම කර්තව්‍ය සිදු කරනු ලබන බවත්, රෝගීන් කිසිඳු විටක බියක් ඇති කර නොගත යුතු බවත් මෙහි දී සඳහන් කර සිටි වන්නිආරච්චි මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ, නිවෙස් වලට තැපැල් දෙපාර්තමේන්තුවේ නිළධාරීන් මඟින් බෙහෙත් ලබා දීම සඳහා රජයේ රෝහල් මේ වන විට සූදානම් ව ඇති බවත්, රෝගීන්ගේ සියලු තොරතුරු රෝහල් වල ඇති හෙයින් මාසයකට අවශ්‍ය බෙහෙත් ලබා දීමට කටයුතු කරන බව ද සඳහන් කර සිටියාය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya