අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාර්තු 10 දිනට පසු ඉන්දියාවේ සිට පැමිණි අය ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වෙත අනිවාර්යෙන් ලියාපදිංචි වන්න- සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

    මාර්තු 28, 2020

    ගුවන් හමුදාව මඟින් කෙටි කලකින් IDH රෝහල් පරිශ්‍රයේ ඉදි කරනු ලැබූ ගොඩනැඟිල්ල සෞඛ්‍ය අමාත්‍යංශය විසින් භාර ගනු ලැබූ බව සහ රෝගීන් වෙන වෙනම තැබිය හැකි කාමර 15 කින් සහ නාන කාමර පහසුකම් සහිතව ඉදි කරනු ලැබ ඇති එම ගොඩනැගිල්ල ඉතාම හොඳ මට්ටමේ පවතින අතර එත් සමඟ IDH රෝහලේ ධාරිතාවය ද ඉහළ නැංවීමට සමත් වන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා අද (28) COVID – 19 පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් නිවේදනය කර සිටියේය.

    ඒ වෙනුවෙන් ඒ මහතා විසින් ගුවන් හමුදාපතිවරයා ප්‍රමුඛ ගුවන් හමුදාවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ස්තුතිය පළ කර සිටියේය.

    අද දිනයේ හඳුනාගත් රෝගීන් අතර දෙදෙනකු චෙන්නායි හි සිට පැමිණි අයවළුන් ලෙස හඳුනාගනු ලැබූ බවත්, මේ නිසා මාර්තු 10 දිනට පසු ඉන්දියාවේ සිට පැමිණි අයවළුන් සියලු දෙනා ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වෙත පෙර සඳහන් කළ පරිදී අනිවාර්යෙන් ලියාපදිංචි වන ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් මෙහි දී ජනතාවට දැනුම් දී සිටී.

     

    COVID – 19 අසාදිත රෝගීන් දැනට මධ්‍යස්ථාන තුනක ප්‍රතිකාර ගනු ලැබේ. ඒ අනුව, දැනට 87 දෙනකු IDH රෝහලේ ද, එක් රෝගියෙකු මුල්ලේරියාව මූලික රෝහලේ ද, 09 දෙනකු වැලිකන්ද මූලික රෝහලේ ද ප්‍රතිකාර ගනු ලබන අතර මුල්ලේරියාව රෝහල සම්පුර්ණයෙන් ම මෙම රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා පරිවර්තනය කර ඇත. මේ වන විට රෝගීන් 09 දෙනකු සුව වී පිටව ගොස් ඇති බවත්, 102 කු විවිධ රෝහල් වල COVID – 19 අසාදිත යයි සැක කෙරෙන රෝගීන් ලෙස ප්‍රතිකාර ගනිමින් සිටින බවත් ඒ මහතා මෙහි දී ප්‍රකාශ කර සිටියේය.


    හෝමාගම මූලික රෝහල මෙම රෝගීන්ට ප්‍රතිකාර සඳහා සම්පුර්ණයෙන් ම සකසා ඇති බව තමන්ට එහි දී නිරීක්ෂණය වූ බවත්, ඇට්ලස් සමාගම විසින් රෝගීන්ට ප්‍රතිකාර කිරීම හා ආහාර ලබා දීම සඳහා ස්වයංක්‍රිය රොබෝ යන්ත්‍රයක් නිපදවා ඇති බවත්, එවැනි රොබෝ යන්ත්‍ර තවත් නිපදව දෙන ලෙස තමන් එම සමාගමෙන් ඉල්ලා සිටි බවත්, එවැනි රොබෝ යන්ත්‍රයන් මඟින් රෝගීන් හා කටයුතු කිරීමට හැකි වීම තුළින් රෝහල් කාර්යය මණ්ඩලය එම රෝගීන් හා ගැටෙන අවස්ථා අවම කිරීම එහි අරමුණ වන බවත් මෙහි දී අනිල් ජ සිංහ මහතා අවධාරණය කර සිටි අතර පවත්නා අසීරු අවස්ථාවේ දී නවෝත්පාදන ඇති වීම සතුටට කාරණයක් බව ද මෙහි දී සඳහන් විය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya