අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මව්බිමට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින විදේශ රැකියාවල නිරතවුවන්ගෙන් විශේෂ ඉල්ලිමක්

    මාර්තු 28, 2020

    කොරෝනා වෛරසය (COVID-19) රට තුළ පැතිර යාම වැළැක්වීමට රජය පියවර රැසක් ගෙන ඇත.

    ඒ අනුව රට තුළට වෛරසය පැමිණීම සහ පැතිරයාම වැළැක්වීමට රජය විසින් ගත් එක් පියවරක් ලෙස විදේශවලින් පැමිණීම සම්පූර්ණයෙන් නවතා තිබේ. රජය විසින් ගෙන ඇති මෙම පියවරයන්ට අනුගතවිම හා ඊට සහාය දීමක් වශයෙන් විදේශ රැකියාවල නිරතවි සිටින්නන්, තමන් සේවය කරන විදේශ රටේ සුරක්ෂිතව තවදුරටත් රැදී සිටින ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉල්ලා සිටි.

    ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය සම්පූර්ණයෙන් තුරන් කිරිමෙන් පසුව, විදේශ රැකියාවල නිරත පිරිස් මෙරටට පැමිණීමට කරන ඉල්ලීම් සලකා බලනු ලැබේ.එසේම ඔබ සේවය කරන රටේ රජය විසින් දෙන උපදෙස් අනුව මේ මොහතේ සුරක්ෂිතව රැදී සිටම වඩාත් සුදුසුවේ.තවද ඔබට යම් ගැටළුවක් වේ නම් ඔබ සේවය කරන රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමග සම්බන්ධ වි අවශ්‍ය උපදෙස් ලබාගන්න.

    දැනටමත් විදේශ රැකියාවල නිරත ශ්‍රමිකයින්ගේ පවුලේ සාමාජිකයන් ඉල්ලා සිටින අන්දමට ඔබගේ ඥාතින් මෙරටට ගෙන්වා ගැනිම අපහසුය.ඒ මන්ද ශ්‍රී ලංකා රජය තවදුරටත් කොරෝනා වෛරසය තුරන් කිරිමට ගන්නා උත්සහය නිසා විදේශ රටවල සිට සියලුම දෙනාගේ පැමිණිම රජය විසින් සම්පුර්ණයෙන්ම නවතා තිබේ.

    තවද ගුවන් මගින් ලංකාවට පැමිණිමට ඔබ උත්සහ කරන්නේ නම්.ඔබ ගමන් කරන ගුවන් යානයේ කොරෝනා රෝගියෙකු සිටියහොත් එම රෝගය ඔබටද වැලදිමට ඉඩකඩ ඇත. එසේම මේ වන විට තමන් සිටින ස්ථානවලින් ගුවන් තොටුපොළවලට හෝ වෙනත් ස්ථාන වෙත ගමන් කිරීම නිසාද මෙම රෝගය ඔබට වැළඳීමේ අවදානමක් පවති.තවද අපගේ මෙම උපදෙස් පිළිපැදිමෙන් ඔබ කරන සේවය අගය කරමි.

    විදේශ රැකියාවල නිරත ශ්‍රමිකයින් සම්බන්ධව අදාල රටවල තානාපති කාර්යාල හරහා නිරන්තරව කාර්යාංශය අවධානය යොමු කරන බැවින් අනියත බියක් ඇතිකර ගත යුතු නැති බවද අවධාරණය කෙරේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya