අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ස්වයං විනයක් සහිතව ජනතාව කටයුතු කළ යුතුයි - කිසිසේත්ම නිරෝධායන ක්‍රියාවලියට බිය විය යුතු නෑ

    මාර්තු 28, 2020

    කිසිසේත්ම නිරෝධායන ක්‍රියාවලියට බිය විය යුතු දෙයක් නොවන බවත්, රජය විසින් ගෙන ඇති ක්‍රියාවලියට සහය ලබා දී මෙරටින් වෛරස තුරන් කිරීමට කටයුතු කළ යුතු බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    විශාල වෙහෙසක් ගෙන පවත්නා රාජ්‍ය තාන්ත්‍රික සබදතා උපයෝගී කර ගනිමින් චීනයේ වුහාන් වල සිට මෙරටට සිසුන් ගෙන ඒමට කටයුතු කරනු ලැබූ බවත් ඔවුන් එහි දී මෙම රෝගය පිළිබදව සහ එහි බරපතල කම පිළිබඳව ඔවුන් සතුව ඒ පිළිබදව කුමන ආකාරයෙන් හැසිරිය යුතු ද යන්න අත්දැකීමක් ඔවුන් සතුව පැවති බවත්, එය පැතිරීම මඟින් මෙරටට විය හැකි හානිය පිළිබඳව මනා අවබෝධයක් පැවති නිසා නිරෝධායන මධ්‍යස්ථාන වලට රැගෙන යාමේ දී සහ එකී නිරෝධායන කටයුතු වල දී කිසිඳු අකමැත්තකින් තොරව කටයුතු කරනු ලැබූ බවත් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේය.

     

    ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (28) ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සුභාරතී සංවාද මණ්ඩපයට ඒක් වෙමින් මෙසේ සඳහන් කළේ ය.

    වැඩසටහනේ දී අඳහස් දැක්වූ හමුදාපතිවරයා;

    එහෙත්, කොරියාවෙන්, ඉතාලියෙන් සහ ඉරානයෙන් පැමිණෙන අයවලුන්ට පෙර රජය මඟින් මෙරටට පැමිණීමට ප්‍රථම නිරෝධායන ක්‍රියාවලියට අනිවාර්යෙන් යොමු විය යුතුය යන්න නිවේදනය කර තිබූ බවත්, ඇතැම් පුද්ගලයින් ගේ නොදැනුවත් ව හෝ දැනුවත් ව හෝ එලෙස පැමිණි අයවළුන් නිරෝධායන ක්‍රියාවලිය පිලිබඳ ව කිසිඳු සොයා බැලීමකින් හෝ අවබෝධයකින් තොරව රජය විසින් ක්‍රියාත්මක කළ යාන්ත්‍රණයට අකමැති ස්වභාවයකින් යුතුව කටයුතු කළ බවත්, මෙහි දී යුධ හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටියේය.

     

    එමෙන්ම ඔවුන් පැමිණෙන විටත් ගුවන් යානය තුළ මඟීන් සංඛ්‍යාව කොපමණ ද යන්න නොදැන සිටි බවත්, එම පුද්ගලයින් සඳහා ද රජය විසින් නිරෝධායන ක්‍රියාවලිය ආරම්භ කිරීමට ප්‍රථම විශාල වෙනසක් වුහාන් වල සිට පැමිණි අයවළුන් සහ මෙම පිරිස අතර විශාල වෙනසක් දක්නට ලැබුණු බව ද මෙහි දී සඳහන් කරන ලදී.

     

    COVID – 19 වෛරසය චීනයේ පැතිරීමත් වුහාන්වල දී මෙරටට සිසුන් ගෙන ඒමට කටයුතු කිරීමත් සමඟ මෙරට වෛරසය ව්‍යාප්ත වීම වැලැක්වීම සඳහා ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් මත ජනවාරි 26 වන විට ඊට අවශ්‍ය යන්ත්‍රණයක් ලෙස තෝරාගත් පිරිසක් යොදා ගනිමින් කාර්යය සාධක බළකායක් පිහිටුවීමට කටයුතු කළ බවත්, ජනාධිපති තුමා සහ අනිකුත් කාර්යය සාධක බළකායේ නිළධාරීන් නිරන්තරයෙන් සාකච්ඡා කරමින් මේ සම්බන්ධව සැළසුමක් සහිතව කටයුතු කළ බවත්, කෙසේ වුවත් මාර්තු 06 වන විට වෛරසය පැතිරී තිබු රටවලින් මෙරටට විශාල පිරිසක් පැමිණෙන බව දක්නට ලැබුණු බැවින් නිරන්තරෙන් ඒ පිළිබඳව සොයා බැලීමට සහ මැඩලීමට අවශ්‍ය කාර්යය සාධක බළකා මධ්‍යස්ථානයක් පිහිටුවීමට සහ තමා එහි ප්‍රධානියා ලෙස පත් කිරීමට ජනාධිපතිතුමා කටයුතු කළ බවත් මෙහි දී ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේය.

     

    මෙරට විනයක් සහිත විශාලතම මිනිස් බලයක් සහිත එකම ආයතනය යුධ හමුදාව බවත්, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය සමඟ මෙලෙස එක් ක්‍රියාන්විත මැදිරියක් පිහිටුවා අවශ්‍ය කටයුතු නියමාකාරයෙන් කිරීමට හැකි වීමත් සමඟ එතෙක් තිබූ අපහසුතාවයන් මඟ හරවා ගැනීමටත්, එලෙස ක්‍රියාත්මක වන මෙම ක්‍රියාවලිය මඟින් ජනතාව සොයන ඇත්ත සොයා ගැනීමට මෙමඟින් වගකීමක් සහිතව හැකි වන බවත්, ජනතාවට ලබා දිය යුතු අවශ්‍ය තොරතුරක් ඇත්නම් සැම දිනකම සවසට ලබා දීමට ද කටයුතු කරන බවත් මෙහි දී ප්‍රකාශ කර සිටියේය.

     

    කිසිසේත්ම නිරෝධායන ක්‍රියාවලියට බිය විය යුතු දෙයක් නොවන බවත්, ආසාදිතයින් නොව අසාදිත යැයි සැක සහිත අයවලුන් පමණක් මේ පිළිබඳව යොමු කරවන බවත්, එය එකී පුද්ගලයින්ට සහ මෙරට අනිකුත් පුද්ගලයින් ගේ ද යහපත උදෙසා වෙන් කර තැබීමක් පමණක් වන බවත්, ඔවුන්ට තම නිවෙසේ සිටින ලෙසට එම දින 14 ගත කළ හැකි බවත් මෙහි දී කියා සිටි යුධ හමුදාපතිවරයා අවධාරණය කර සිටියේ, මෙරට ජනතාව වෙනුවෙන් මෙම පුද්ගලයින් නිරෝධායන ක්‍රියාවලිය අනිවාර්යෙන් කරන්නේ ද යන්න සොයාබැලීමට වගකීමක් තිබෙන බවත් ප්‍රකාශ කර සිටියේය.

     

    ලොව බොහෝ රටවල අසාදිත පුද්ගලයින්ට ප්‍රතිකාර ලබා නොදීමට කටයුතු කරන විට එහෙත් ශ්‍රී ලංකාව  බොහෝ සෙයින් ඉදිරියට ගොස් ඇති විටක ජනතාව වශයෙන් රජයට ස්තුතිවන්ත විය යුතු බවත්, පැමිණි පුද්ගලයින්ගෙන් මෙලෙස ක්‍රියාවලියකට දායක නොකර සමාජ ගත කළේ නම් මේ වන විට වෛරසය ජනතාව අතර බොහෝ සෙයින් පැතිරීමට ඉඩ තිබු බවත්, ඒ අනුව රජය විසින් ගෙන ඇති ක්‍රියාවලියට සහය ලබා දී මෙරටින් වෛරස තුරන් කිරීමට කටයුතු කළ යුතු බවත් මෙහි දී අවධාරණය කර සිටියේය.

     

    එහෙත්, නිරෝධායනය කිරීමට පෙර පුද්ගලයින් ඊට සම්බන්ධ වූ පසු යහපත් ප්‍රතිචාර දක්වන බවත්, යුධ හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව විනයක් සහිත, මනුෂියව, නිරන්තරයෙන් රට ආරක්ෂා කිරීමට කටයුතු කරන බවත්, මීට වඩා වාතාවරණ තුළ මෙරට යුධ හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව කටයුතු කර ඇති බවත්, අයහපත් දේ සමාජ ගත කිරීමට උත්සහ පුද්ගලයින්ගේම මුවින් ම යථාර්තය කුමක් ද යන්න සමාජ ගත වෙමින් පවතින බවත් මෙහි දී යුධ හමුදපත්වරයා ප්‍රකාශ කර සිටියේය.


    කළ නොහැක්කක් නොමැත යන පාඨය පෙරමුණ ගෙන විනයක් සහිතව, සැළසුමක් සහිතව, අවශ්‍ය ක්‍රමවේදයන් යොදාගනිමින්, සරල මූලධර්මයක් මත යුධ හමුදාව කටයුතු කරනු ලබන බවත්, ඒ සඳහා ගුවන් හමුදාව සහ නාවික හමුදාව, පොලීසිය සමඟ එකට එක්ව සමඟිය මඟින් කළ නොහැක්කක් නොමැත යන නව තේමාවක් ඇති කර ගනිමින් මෙලෙස ජනපති උපදෙස් මත මෙකි නොකී සියලු කටයුතු කළමනාකරණය කරනු ලබන බවත්, ඉදිරි දින 05 ඇතුලත ඉරණවිල රෝහලක් ඉදිකිරීමට ද කටයුතු කරන බවත් මෙහි දී අනාවරණය කර සිටියේය.

     

    මෙහි බරපතළ කම සහ භයානකකම ජනතාව අවබෝධ කර ගත යුතු බවත්, මෙය සෞඛ්‍ය ඇඳිරිනීතිය ක් බව මිනිසුන් අවබෝධ කර ගත යුතු බවත්, ස්වයං විනයක් සහිතව ජනතාව කටයුතු කළ යුතු බව ජනතාවගේ වගකීමක් වන බවත්, මෙරට ඉතාමත් හොඳ සෞඛ්‍ය සේවයක් පවතින බවත්, මෙම අවස්ථාවේ දී සතුරා තමන් ඉදිරියේ දකින්නට නොමැති බවත්, යුධ හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටියේය.

     

    කෙසේ වුව ද, ස්වභාවධර්මය විසින් ලබා දී ඇති ස්වභාවික නිරෝධායන ක්‍රියාවලියේ දී තමන්ගේ නිවෙස් තුළට වී සතුටින් ගත කිරීමට කටයුතු කරන ලෙසත්, මෙහි දී ජනතාවට දැනුම් දී සිටියේය.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya