අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇඳිරිනීතිය නොතකන්නන් හට නිතිය දැඩිව ක්‍රියාත්මක කරනවා - නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ

    මාර්තු 28, 2020

    වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම සුපිරි වෙළඳසල්, අනිකුත් වෙළඳ සල් මෙන්ම පාරිභෝගික ද්‍රව්‍යසපයන ආයතන වසා දැමීමට තීරණය කර තිබෙන බවත්, ඇඳිරිනීතිය කාලය තුළ කිසිම අවස්ථාවක එවැනි වෙළඳසල් විවෘත කිරීමට හැකියාවක් නොලැබෙන බවත්, එලෙස විවෘත කර තබන ආයතන වල හිමිකරුවන්ට හෝ කළමනාකරුවන්ට එරෙහිව නිරෝධායන නිතිය මෙන්ම අපරාධ නිතිය යටතේ ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව  නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

    ඒ අනුව, අද දින සවස පොලිස්පති තුමා විසින් දිවයිනේ සියලුම් පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දෙනු ලැබූ බවත්, මෙම නිරෝධායන ඇඳිරිනීතිය කාලයේ දී වාහන ධාවනය කිරීම වැනි දේ සිදු කරනු ලැබ ඇති බවත්, ජනතාවගේ අවිනීත හැසිරීම රෝගය පැතිරීම වැළක්වීමට ඉතා දැඩි ලෙස බලපා ඇති බවත්, එවැනි අවස්ථාවන් වල දී ත් නිතිය දැඩිව ක්‍රියාත්මක වෙන බවත් අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර සිටියේය.

     

    මෙම ඇඳිරිනීතිය පවතින කාලය තුළ පුද්ගලයින් 4,200 ක් සහ වාහන 1,100 ක් පමණ පොලීසිය භාරයට ගෙන ඇති බවත්, නමුත් අද දිනයේ ඇතැම් ප්‍රදේශ වල යම් ආකාරයක ලබා දුන් සහනය අයුතු ලෙස භාවිතා කරමින් ජනතාව හැසිරීම ඉතාමත්ම කණගාටුදායක වන බවත්, ඖෂධ ආදිය ලබා ගැනීමට දුන් සහනය ඇතැමුන් විසින් අවභාවිතා කිරීම නිරීක්ෂණය වී ඇති බවත්, පවතින තත්ත්වයේ බැරුරුම්කම ජනතාව තවමත් තේරුම් ගෙන නොමැති බවත්, එනිසා නිතිය දැඩිව ක්‍රියාත්මක කරනු ලබන බවත්, විශේෂයෙන් ම සඳහන් කර ඇති අත්‍යවශ්‍ය සේවා ලෙස සඳහන් කර ඇති සේවා සපයන ආයතන හෝ ඒවායේ සේවය කරන පුද්ගලයින්ට හැර අනිකුත් පුද්ගලයින්ට මාර්ගයේ ගමන් කිරීමට ඒකරාශී වීමට අවසර නොමැති බවත්, එලෙස ක්‍රියාකරන පුද්ගලයින් සඳහා ද ඔවුන්ට අනුබල දෙන්නන් සඳහා ද නිතිය දැඩිව ක්‍රියාත්මක කරන අතර, එවැනි වාහන පොලිස්භාරයට ගැනීමට කටයුතු කරන බවත් මෙහි දී නියෝජ්‍ය පොලිස්පතිවරයා වරයා විසින් සඳහන් කරනු ලැබීය.

     

    සංචාරක මඟ පෙන්වන්නන් වහාම ස්වයං නිරෝධායනයට ලක් විය යුතු බව පෙර දී දැනුම් දී සිටියත් ඔවුන් මේ වන තෙක් ද ලියාපදිංචි වී හෝ ස්වයං නිරෝධායනයට ලක් වූ බවක් තහවුරු වී නොමැති බව කී අජිත් රෝහණ මහතා සංචාරකයින් පැමිණි හෝ සම්බාහනය කරන මධ්‍යස්ථාන වල සේවය කළ අයවළුන්, සංචාරක මඟ පෙන්වන්නන් ලෙස සේවය කළ පුද්ගලයෙකු ලෙස සේවය කර ඇති අයවලුන් සිටි නම් ඔවුන් සියලු දෙනා වහාම ලියාපදිංචි විය යුතු බවත්, නිරෝධායන ක්‍රියාවලියට අනුගත විය යුතු බවත් මෙහි දී අවධාරණය කර සිටියේය.

     

    බහුතරයක් තමන් මෙම රෝග ලක්ෂණ වසන් කිරීමට තැත් කළ සහ අසත්‍ය තොරතුරු ලබා දුන් අය වන අතර, එවැනි රෝග ලක්ෂණයක් වෙතොත් රෝහල් ගත නොවී 119 අමතා හෝ ළඟම පොලිස් ස්ථානයට දන්වා සිටින ලෙසත් ඒ වෙනුවෙන් අවශ්‍ය සහාය ලබා දීමට පොලීසිය ඉදිරිපත් වන බවත් මෙහි දී මහජනතාවට දැනුම් දී සිටි.

     

    බහුතරයක් පිරිස ඔවුන්ගේ නොසැලකිලිමත් කමින් හෝ චේතනාන්විත ක්‍රියාවකින් පැතිරවීමේ අදහසකින් කටයුතු කර ඇති බවට විමර්ශන වල දී යම් ආකාරයක සැකයක් පවතින බවත් මෙහි දී අනාවරණය කර සිටියේය.

     

    එමෙන්ම, යම් ආකාරයක මෙම රෝගයේ රෝග ලක්ෂණ පුද්ගලයෙකුට පවතීනම් හෝ විදේශ රටක සිට පැමිණි පුද්ගලයින් සමඟ සාද පවත්වා හෝ එකට සිටියේනම් හෝ විදේශයන් සිට පැමිණි අයවළුන් ඇසුරු කලේ නම් හෝ ඒ සියලු කරුණු නොසඟවා හෙළි කළ යුතු බවත්, එසේ කරුණු සැගවීමට තැත් කළ හොත් එවැනි අවස්ථා වල දී නිතිය දැඩිව ක්‍රියා කිරීමට කිසිසේත්ම පසු බට නොවන බව ද අවධාරණය කර සිටියේය.

     

    ඒ අනුව, අද දිනයේ විමර්ශන තුනක් අරඹා ඇති බවත්, ඒ විවිධ ප්‍රදේශ වලින් හමු වූ රෝගීන් තිදෙනකු සම්බන්ධව බවත්, ඊයේ දිනයේ දී හඳුනාගනු ලැබූ ඔවුන් විසින් නියමාකාරයෙන් නිරෝධායන රෙගුලාසි වලට ගරු නොකර, අසත්‍ය ප්‍රකාශ කරමින් රෝහල් වලට ඇතුළත් වී තිබු බවත්, ඔවුන් එම රෝග ලක්ෂණ පවතින බව දැන දැනත් එම රෝහල් වලට තොරතුරු වසන් කරමින් ඇතුළත් ව ඇති බවත් අනාවරණය වී ඇති බවත් කියා සිටි නියෝජ්‍ය පොලිසප්තිවරයා කියා සිටියේ කිසිම ආකාරයකට බිය නොවන ලෙසත්, මේ වන විට 26,000 ක් පමණ ලියාපදිංචි වී ස්වයං නිරෝධායනයට ලක් ව ඇති බවත්, තවත් පිරිසක් ස්වයං නිරෝධායනය අවසන් කර තිබෙන බවත් තවත් 20,000 කට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනයට අනුගත වෙමින් තිබෙන බවත්, එම පුද්ගලයින් සඳහා ප්‍රණාමය පුද කර සිටින බවත් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.


    එමෙන්ම, ඇදිරිනීතිය පවතින කාලයේ දී 4,200 ක් පමණ සැක කරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවත් වාහන 1,100 ක් පමණ පොලිස් භාරයට ගෙන ඇති බවත්, එම වාහන නැවත මුදා හැරීමට කටයුතු නොකරන බවත්, නිරෝධායන කාල සීමාවන් අවසන් වී අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත්, සැමවිටම නිරෝධායන ප්‍රතිපත්ති, නිරෝධායන රීති වලට ගරු කරන ලෙසත්, අසල වැසියන් සමඟ එක්රැස් වීමෙන් වැළකි සිටින ලෙසත්, අතුරු මාර්ගවල හෝ යතුරු පැදි ත්‍රිරෝද රථ වල හෝ ගමන් කිරීමෙන් වළකින ලෙසත්, සූදු/කාඩ්/ වෙනත් විවිධ ක්‍රීඩා ආදිය නොකරන ලෙසත් මෙහි දී ජනතාවට නැවතත් දැනුම් දී සිටි අතර එවැනි පුද්ගලයින් හටත්, ඔවුන්ගේ නිශ්චල හා චංචල දේපොළ වලට එරෙහිවත් නිතිය දැඩිව ක්‍රියා කරන බවත් අජිත් රෝහණ මහතා දැඩිව අවධාරණය කර සිටියේය.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya