මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමාජය තුළ වෛරසය පැතිරීම වළක්වා ගැනීමට රජය බුද්ධිමත්ව කටයුතු කර තිබෙනවා - සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි

    මාර්තු 28, 2020

    නිරෝධායන මධ්‍යස්ථානවල සිටි COVID - 19 වෛරසය වැළඳී ඇති රෝගීන් ගණන 33 ක් බවත්, ඔවුන් මෙලෙස නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු නොකර සමාජය වෙත මුහු වන්නට සැලැස්වූයේ නම් මුළු මහත් සමාජයම ලෙඩ කරවන තත්ත්වයකට පත් වන්නට තිබුණු බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය COVID - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනයේ දී (27) විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියාය.

    එහෙත්, ජනාධිපතිතුමාගේ උපදෙස් මත මෙරට යුද හමුදාවේ මුලිකත්වයෙන් යුතුව යුහුසුළුව නිරෝධායන මධ්‍යස්ථාන ඇති කරමින් ඉතාලිය, දකුණු කොරියාව, ඉරානය වැනි රටවලින් මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් සියලු දෙනා මෙම නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කිරීමට කටයුතු කළ බවත් මෙහි දී අමාත්‍යවරිය කියා සිටියාය.

    ඒ අනුව, මෙරට ඇතිවන්නට තිබූ ව්‍යසනයෙන් ජනතාව බේරා ගැනීමට රජය බුද්ධිමත්ව කටයුතු කිරීම නිසා මෙරට සමාජය තුළ වෛරසය බොහෝ සෙයින් පැතිරීමට තිබු අවසථාව අවහිර කිරීමට හැකි වූ බව ද පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කර සිටියාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya