අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිරෝධායනය සම්පූර්ණ කර අද දිනයේ දී ත් 300 ට ආසන්න පිරිසක් මුදා හැරීමට කටයුතු කරනවා - යුද හමුදාපති

    මාර්තු 28, 2020

    යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව විසින් 27 දිනයේ දී ත් 501 දෙනකු දින 14 ක නිරෝධායනය අවසන් කිරීමෙන් පසු තවදුරටත් නිවෙස් සහ ස්වයං නිරෝධායනය කිරීමට අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා දීමෙන් අනතුරුව නිවෙස් කරා මුදා හැරීමට කටයුතු කළ බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා (27) නිවේදනය කර සිටි.

    මිට පෙර 678 දෙනකු මෙලෙස වෛද්‍ය උපදෙස් දී මුදා හැරීමට කටයුතු කළ බවත්, ඒ අනුව 1, 174 දෙනකු තම නිරෝධායනය අවසන් කර මේ වන විට මුදා හැරීමට කටයුතු කර ඇති බවත්, නිරෝධායන මධ්‍යස්ථාන 46 ක තවත් 2,871 දෙනකු නිරෝධායනය වෙමින් සිටින බවත් යුධ හමුදාපතිවරයා විසින් ප්‍රකාශ කර සිටියේය.

     

    ඒ අනුව, තුන්සීයකට අසන්න පිරිසක් (27) දිනයේ දී ත් නිවෙස් බලා පිටත් වීමට නියමිත බවත් ප්‍රකාශ කර සිටි අතර බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස යට අයත් අටලෝගම ග්‍රාමයේ ඊයේ දිනයේ දී සොයා ගන්නා ලද COVID – 19 වෛරසය අසාදිත පුද්ගලයා 26 දෙනකු පමණ පිරිසක් ඉතාමත් ළඟින් ආශ්‍රය කර ඇති බවත්, වෛද්‍ය උපදෙස් අනුව මෙම පිරිස එම ප්‍රදේශයේම ස්ථානයක නිරෝධායනයට ලක් කිරීමට සිදු වූ බවත් මෙහි දී ප්‍රකාශ අකර සිටියේය. ඒ අනුව, එම ග්‍රාමයේ සියලු දෙනා හට නිවෙස් වලට වී ස්වයං නිරෝධායනය වී සිටින්නැයි ද මමඟින් දැනුම් දී සිටියේය.

    යුධ හමුදාවේ මුලිකත්වයෙන් කටුනායක හා වතුපිටිවල නිදහස් වෙළඳ කලාප වල සේවය කළ අයවළුන් සඳහා යුධ හමුදාව විසින් සපයනු ලැබූ බස් සහ එම ආයතන වලින් සපයන ලද බස් මඟින් 5180 ක් පමණ පිරිසක් ඔවුන්ගේ නිවෙස් වෙත යාමට සඳහා කටයුතු කරනු ලැබීය.

    එමෙන්ම, (27) දිනයේ දී ඇඳිරිනීතිය පවත්නා අවස්ථාවේ දී ඇතැම් පුද්ගලයින් පනවා ඇති නීතිය නොතකා මහා මාර්ග වල ගමන් කරණු දක්නට ලැබුණු බවත්, එය මෙවන් මොහොතක රජය එවැනි දෙයක් ජනතාවගෙන් බලාපොරොත්තු නොවන බවත්, මෙම කාලයේ දී ජනතාව විනයගරුකව කටයුතු කළ යුතු බවත් යුධ හමුදාපතිවරයා මෙහි දී දැඩිව අවධාරණය කර සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya