අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වරායට එන නෞකා ප්‍රමාද සහ පිවිසුම් ගාස්තුවලින් නිදහස් කෙරේ

    මාර්තු 27, 2020

      වරාය ආශ්‍රිත සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට තවත් සහන රැසක් ....

    ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ දිවයිනේ වරාය වෙත පිවිසෙන නෞකාවලට අවශ්‍ය පහසුකම් නොපමාව සලසන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා වරාය අධිකාරියට නියම කරයි.

    ඒ අනුව සියලු නෞකා ප්‍රමාද ගාස්තු හා පිවිසුම් ගාස්තු ගෙවීමෙන් නිදහස් කර ඇතැයි වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා පැවසීය. සියලු වරාය මෙහෙයුම් ආශ්‍රිත සේවාවන් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට තවත් සහන රැසක් ලබාදීමට ද ජනාධිපතිතුමා නියම කර ඇත.


    ආනයන, අපනයන කටයුතු අඛණ්ඩව සිදු කිරීමට අවශ්‍ය සහන අදාළ ව්‍යාපාරික ප්‍රජාවට වරාය පරිශ්‍රයේදීම ලබාදීමට මේ යටතේ පියවර ගැනේ. ශ්‍රී ලංකා රේගුව, කොළඹ වරාය තුළ ක්‍රියාත්මක වරාය අධිකාරියේ පර්යන්තයන් වන (JCT/UCT), CICT සහ SAGT පුද්ගලික සමාගම් යටතේ පාලනය වන පර්යන්තයන් මේ සඳහා එක්ව ක්‍රියා කරයි. සියලුම අංශ ආවරණය වන පරිදි පහසුකම් සලසාදීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා කියා සිටී.


    1- ඇඳිරි නීතිය පනවා ඇති කාලසීමාවේදී වරාය පරිශ්‍රයේ භාණ්ඩ මෙහෙයවීමේ දී ආනයනික බහලුම් හා නැව් භාණ්ඩ සහ ආනයනික හිස් බහලුම් සඳහා අය කරන අංගන හා ගුදම් කුලී ගාස්තු සම්පූර්ණයෙන් නිදහස් කර ඇත.


    2- වරාය ආශ්‍රිත ප්‍රවාහන සඳහා යොදාගන්නා ට්‍රක්, ලොරි, ටිපර්, බවුසර් රථ සහ නියෝජිත ආයතනවල පොදු / පෞද්ගලික රථ (වෑන්, කාර්, යතුරු පැදි) සඳහා වරාය පරිහණයේ දී එම නියෝජිත ආයතන හා සමාගම් දැනට ලබාගෙන ඇති වරාය දොරටු ප්‍රවේශ අවසර පත්ද/ පුද්ගල ප්‍රවේශ අවසර පත් ද ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලසීමාව සඳහා වලංගු වේ.

     

    3- වරාය ආශ්‍රිත රාජකාරී කටයුතුවල නිරත පුද්ගලික අංශයේ අත්‍යාවශ්‍ය සේවක පිරිස් සඳහා ඇඳිරි නීති කාලසීමාවේ ගමන් කිරීමේ අවසර පත්‍ර ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නිර්දේශ මත ශ්‍රී ලංකා පොලිසිය මගින් ලබාදීමට කටයුතු කර ඇත.


    4- වරාය තුළ ක්‍රියාත්මක පරියන්ත සේවා හා අන්තර් පරියන්ත සේවාවන්හි නිරත බහලුම්/ භාණ්ඩ ප්‍රවාහන රථ සඳහා අවශ්‍ය ඉන්ධන මුදල් ගෙවීමේ පදනම මත ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉන්ධන පිරවුම්හල් වලින් ලබා ගැනීමේ පහසුකම් සලසා ඇත.


    5- ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අඛණ්ඩව සේවයේ නිරත සියලුම සේවක පිරිස් වෙත සෞඛ්‍යාරක්ෂිත සනීපාරක්ෂක සේවා හා සුබසාධන පහසුකම් මෙන්ම හඳුනාගත් මාර්ගයන් ප්‍රවාහන පහසුකම් ද උපරිම අයුරින් ලබාදීමට පියවර ගෙන තිබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya