අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජය ගෙන යන සාර්ථක වැඩපිළිවෙලට ජනතව තවදුරටත් ඉවසීමෙන් සහය ලබාදෙන්න

    මාර්තු 27, 2020

    රජය ගෙන යන වැඩපිළිවෙල සාර්ථකව සිදුවන බවත් ජනතව තවදුරටත් ඉවසීමෙන් රජය  ගෙන යන වැඩපිළිවෙලට සහාය ලබාදෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක,පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා ජනතාවට දැනුම් දෙයි.

     

    කොවිඩ් 19 වසංගතය ව්‍යාප්තිය වැළැක්වීමට රජය විසින් ගෙන යන වැඩපිළිවෙල සම්බන්ධව ජනතාව තවදුරටත් දැනුවත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරය මේ බව සඳහන් කළේ ය.

    ඇදිරි නීතිය උල්ලංඝණය කළ 533ක් ගෙවුණු පැය 24 තුළ අත් අඩංගුවට ගෙන වාහන 98ක් පොලිස් භාරයට ගෙන තිබෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

    ඇදිරි නීතිය සහ නිරෝධායන කටයුතුවලට අවනත වී ජනතව කටයුතු කරමින් සිටිනවා. තවදුරටත් ඉවසීමෙන් යුක්තව වැඩපිළිවෙලට සහයෝගය ලබාදෙන ලෙසත් රජය ගෙන යන වැඩපිළිවෙල සාර්ථක වන බැවින් ඒ සඳහා ජනතා සහයෝගය තවදුරටත් ඉල්ලා සිටිනවා යැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya