අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිරෝධායන කටයුතු සම්පූර්ණ කර නික්ම ගිය මුළු පිරිස 678ක් - අදත් 443ක් මුදා හැරීමට නියමිතයි

    මාර්තු 27, 2020

    ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන  පුනානි, කන්දකාඩු හා දියතලාව පිහිටි නිරෝධායන මධ්‍යස්ථාන වලින් 223 ක් දින 14 ක කාලය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව වෛද්‍යවරුන්ගේ උපදෙස් මත ඊයේ (26) මුදා හැරීම සිදු වූ බව යුද හමුදාපති  ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා (26) COVID – 19 පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසීය.

    ඒ අනුව, ඔවුන්හට තවදුරටත් ස්වයංව නිරෝධායනය වී නිවෙස් තුළ තවත් දින 14 ක් රැඳී සිටින ලෙස උපදෙස් දී මෙලෙස මුදා හැර ඇති බව එම නිවේදනය මඟින් වැඩි දුරටත් සඳහන් කළේ ය.

     

    මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන වලින් තම නිරෝධායන කටයුතු නිමවීමෙන් පසු නික්ම ගිය මුළු පිරිස 678 දෙනකු බවත්, නිරෝධායන මධ්‍යස්ථාන 46 ක් යටතේ 2,866 දෙනකු තවදුරටත් නිරෝධායනය වෙමින් පවතින බවත්, එම පිරිස අතරින් 443 දෙනකු ද අද දිනයේ දී මුදා හැරීමට නියමිත බවත්  යුද හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya