අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු ප්‍රදේශයේ දූපත්වාසි අසරණ ජනතාව සඳහා නාවික හමුදාවෙන් සහන

    මාර්තු 27, 2020

    ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මාර්තු 26 යාපනය අර්ධද්වීපයේ දූපත්වාසී ජනතාව වෙනුවෙන් වියලි ආහාර සළාක බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.

    ‘නව කොරෝනා’ වෛරසය මෙරට තුල පාලනය සිදු කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් තව දුරටත් ශක්තිමත් කිරීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ උපදෙස් මත ශ්‍රී ලංකා නාවික හමුදාව මේ වන විට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් තම සහය ලබා දෙමින් සිටී.

    ඒ අනුව යාපනය අර්ධද්වීපයේ දූපත්වාසී අසරණ ජනතාව වෙනුවෙන් වියළි සළාකයන් ලබා දීමේ වැඩසටහනක් නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා උතුරු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් කපිල සමරවීරගේ අධීක්‍ෂණය යටතේ මාර්තු 26 පැවැත්වීමට කටයුතු කරන ලද අතර, එහිදී නයනතිව් සහ එළුවතිව් දූපත්වාසී අසරණ ජනතාව වෙත අත්‍යාවශ්‍ය වියලි සළාක පාර්සල් 698 කට අධික ප්‍රමාණයක් බෙදාදීම සිදු කරන ලදි.

    මෙම අවස්ථාව සඳහා උතුරු නාවික විධානයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා ආයතන වලට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ සියළුම නාවිකයින්ගේ සහයෝගය හිමිවූ අතර, ඉදිරියේදී මෙවැනි සමාජ සුභසාධන කටයුතු සඳහා තම දායකත්වය ලබා දීමට නාවික හමුදාව තවදුරටත් සූදානමින් සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya