මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සියළුම නිදහස් වෙළද කලාප නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට උපදෙස් - සේවක සේවිකාවන්ට නිවෙස් වෙත පිටත්ව යෑමට වැඩපිළිවෙලක්

    මාර්තු 26, 2020

    දිවයින පුරා පිහිටි සියළුම නිදහස් වෙළද කලාප නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් දෙයි.

    ඇදිරි නීතිය හේතුවෙන් තවමත් බෝඩිං වල රැදී සිටින එම නිදහස් වෙළද කළාප වල සේවක සේවිකාවන් හමුදාවේ සහ පොලිසියේ අධික්ෂණය යටතේ ඔවුන්ගේ ගම් බිම් වලට යැවීමේ වැඩ පිළිවෙලක් වහාම ක්‍රියාත්මක කරන ලෙස ඇමතිවරයා ආයෝජන මණ්ඩලයට අද (26) උපදෙස් දුන්නේය.

    කටුනායක ආයෝජන මණ්ඩලයේදී ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහ ආයෝජන මණ්ඩල ප්‍රධානීන් හා කටුනායක කර්මාන්ත ශාලා හිමිකරුවන්ගේ නියෝජිතයන් අතර පැවැති විශේෂ සාකච්ඡාවේදී ඇමතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.


    හෙට (27) පෙරවරුවේ සිට පොලීසිය සහ හමුදාවේ මැදිහත් වීමෙන් අදාල සේවක සේවිකාවන්ට ප්‍රවාහන පහසුකම් සලසන ලෙස ද ඇමතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය. දැනට බෝඩිං වල රැදී සිටින සේවක සේවිකාවන්ට අද රාත්‍රී අහාරය ලබා දෙන ලෙසත් ඊට අමතරව හෙට ගම් බිම් බලා යන සේවක සේවිකාවන්ට උදෑසන හා දිවා අහාරය ලබා දීමටත් මෙහිදී තීරණය කෙරිනි. ඊට අමතරව සේවක සේවිකාවන් ගම් බිම් බලා පිටත් කර හැරීමට පෙර ඔවුන් විශේෂ සෞඛ්‍ය පරීක්ෂාවකට ලක් කිරීමටද තිරණය විය.


    දිවයින පුරා ක්‍රියාත්මක නිදහස් වෙළද කළාප වලින් පිටස්තර ප්‍රදේශ වලින් පැමිණ එම කලාප ආශ්‍රිතව නවාතැන්ගෙන සේවය කරන සේවක සේවිකාවන් බහුලව සිටින්නේ කටුනායක, බියගම සහ වතුපිටිවල යන නිදහස් වෙළද කලාප තුලයි. කටුනායක නිදහස් වෙළද කලාපයේ බොහෝ කර්මාන්ත ශාලා මේ වන විට වසා දමා ඇතැයි ආයෝජන මණ්ඩලයේ නිදහස් වෙළද කලාප පිළිබද විධායක අධ්‍යක්ෂක එන්.කේ.ඩී ලෝරන්ස් මහතා මෙහිදි කියා සිටියේ. නිදහස් වෙළද කලාප ආශ්‍රිතව සිටි සේවක සේවිකාවන් බහුතරයක් මේ වන විට නිවෙස් වලට ගොස් ඇති බවත් තවමත් නවා තැන්පොලවල් වල රැදී සිටින්නේ ඉතාමත් සුළු පිරිසක් බවත් අධ්‍යක්ෂකවරයා මෙහිදී කියා සිටියේය.

    ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී අණාවරණය කලේ සංඛ්‍යාව සුළු වුවවත් ඔවුන් වහා නිවෙස් වලට යැවීමට කටයුකු කල යුතු බවයි. අත්‍යවශ්‍ය සෞඛ්‍ය උපකරණ සකස් කරණ ආයතන කිහිපයක් වෙළද කළාප තුල ඇති බවත් ඉතා සුළු පිරිසක් සහභාගී කරගෙන එම කර්මාන්ත ශාලා පවත්වාගෙන යාමට සිදුව ඇති බවත් අධ්‍යක්ෂවරයා ඇමතිවරයාට පෙන්වා දුන්නේය. එවැනි අත්‍යවශ්‍ය කර්මානත ශාලා ඇත්නම් ඒවායේ සේවයේ නිරත සේවක සේවිකාවන්ගේ සෞඛ්‍ය තත්ව ආහාර පාන සහ ආරක්ෂාව සම්බන්ධයෙන් අදාල සමාගම් වගකීම දැරිය යුතු බව ඇමතිවරයාගේ අදහස විය. ඒ මොහොතේම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දුරකථනයෙන් ඇමතූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවතින තත්ත්වය පැහැදිලි කරල අතර තවමත් නවාතැන් පොල වල රැදී සිටින සේවක සේවිකාවන් ඔවුන්ගේ ගම් බිම් බලා යැවීම සදහා ආරක්ෂක අංශවල සහය ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. ඊට ජනාධිපති වරයාගේ එකගත්වය පල විය.


    ප්‍රදේශයේ පොලිසිය මගින් සේවක සේවිකාවන්ට ගම් බිම් බලා යාමට අදාල බස්රථ පිටත්වන වේලාවන් නිවේදනය කරන ලෙසත් ඒ අනුව ආරක්ෂා කාරී ලෙස ඔවුන් ගම්බිම් වලට පිටත් කර හරින ලෙසත් ඇමති වරයා මෙහිදී වැඩිදුරටත් ආයෝජන මණ්ඩල ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය. දැනට කටුනායක නිදහස් වෙළ කළාපය ආශ්‍රිතව රැදී සිටින මෙම සේවක සේවිකාවන්ට අවශ්‍ය පහසුකම් සැලසීම සදහා එම වෙළද කළාපයේ කර්මාන්ත හිමියන් රුපියල් ලක්ෂ 5ක මුදලක් ඒ මොහොතේදීම පරිත්‍යාග කළේය.


    සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කලේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව මෙම පියවර ගත් බවයි. කටුනායක නිදහස් වෙළද කළාපයේ සේවක සේවිකාවන් 20000ක් පමණ නවාතැන් පොල වල සිරවී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ කල ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍ය වේදීන් මෙහිදී ඇමතිවරයාගෙන් ප්‍රශ්න කලේය. ඊට ප්‍රතිඡාර දැක්වූ ඇමතිවරයා සදහන් කළේ එපමණ සංඛ්‍යාවක් කටුනායක රැදී සිටියේනම් නගරයේ ඇදිරි නීතිය ක්‍රියාත්මක කිරීමට අසීරුවනු ඇතැයි කීවේය. ආයෝජන මණ්ඩල නිළධාරීන්ගේ සංඛ්‍යා ලේකණ අනුව එලෙස රැදී සිටින සංඛ්‍යාව සුළු පිරිසක් වන බවත් ඔවුන්ට හෙට ගම් බිම් බලා යාමට සියළු පහසුකම් සලසන බවත් ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේය.

    මේ අතර ආයෝජන මණ්ඩලය පවසන්නේ පහත සදහන් දුරකථන අංක ඇමතීමෙන් අදාල ප්‍රවාහන පහසුකම් ලබාගත හැකි වේලාවන් පිළිබදව ගම්බිම් බලා යාමට නොහැකිව සිටින වෙළද කලාප සේවක සේවිකාවක්ට තොරතුරු ලබා ගත හැකි බවයි.

     

    1. කටුනායක :- අධ්‍යක්ෂක, සිසිල් ප්‍රනාන්දු මහතා - 0777-986474
    2. වතුපිටිවල / මීරිගම /
    මල්වත්ත නිදහස් වෙළද :- අධ්‍යක්ෂක, ඩී.එම් තිලකරත්න මහතා - 0777-808637
    කළාප
    3. බියගම :- අධ්‍යක්ෂිකා, කල්‍යානි බොතේජු මහත්මිය - 0777-807662
    4. කොග්ගල :- අධ්‍යක්ෂක, ගාමිනි දහනායක මහතා - 077-3140200
    5. හොරණ :- අධ්‍යක්ෂක, දර්ෂන වල්පිට මහතා - 076-0387820
    6. සීතාවක :- අධ්‍යක්ෂක, නිහාල් කුමාර පීරි මහතා - 0777-808756
    7. මාවතගම / පොල්ගහවෙල :- අධ්‍යක්ෂක, නොයෙල් දාබරේ මහතා - 0777-809102

    8. නුවර :- අධ්‍යක්ෂක, ජයලත් මොහොට්ටාල මහතා - 0777-808291

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya